සේවාදායකයින් වෙත දැනුම්දීමයි - 2026 අගෝස්තු මාසයේ වැඩ වේලාවන්
නිවාඩු කාලය හේතුවෙන් 2026 අගෝස්තු 1 වනදා සිට 31 වනදා දක්වා අපගේ කාර්යාලයේ සේවා වේලාවන් වෙනස් වන බව අපගේ හිතවත් පාරිභෝගිකයින් වෙත කාරුණිකව දැනුම් දෙමු.
ඕනෑම හදිසි අවශ්‍යතාවයක් හෝ තොරතුරු දැනගැනීමක් සඳහා, දුරකථන සහාය සේවාව සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා, පෙ.ව. 9:30 සිට ප.ව. 12:30 දක්වා +39 3476660465 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, අගෝස්තු 11 වනදා සිට අගෝස්තු 16 වනදා දක්වා සතියේ අපගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා තබන බව කරුණාවෙන් සලකන්න.
සිංහල සහ ඉතාලි ඇතුළු භාෂා රැසකින් සේවා සපයන, වසර ගණනාවක අත්දැකීම් සහිත "Studio Consulente" ආයතනය, ඉතාලි සංක්‍රමණ නීතිය, අපරාධ සහ සිවිල් නීතිය පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුත් වෘත්තීය කණ්ඩායමකි. අපි ඉතාලි අධිකරණ පද්ධතිය තුළ මෙන්ම Questura, Carabinieri සහ Guardia di Finanza වැනි පොලිස් ආයතන හමුවේ නියෝජනය වෙමින් ඔබේ ගැටලුවලට ඍජු මැදිහත්වීම් සිදු කරමු.
🛡️ අපගේ සුවිශේෂී වටිනාකම: CTP සහ නීතිමය මැදිහත්කරණය (L. 4/2013)
අපගේ සේවාව හුදෙක් වචනයෙන් වචනයට කරන පරිවර්තනයක් (Translation) හෝ අර්ථකථනයක් (Interpretation) නොවේ. අපි පිරිනමන්නේ නීතිමය මැදිහත්කරණය සහ තාක්ෂණික පාර්ශවීය උපදේශන (CTP) සේවාවකි. අපි ඉතාලි නීති පද්ධතිය සහ පාරිභාෂිතය පිළිබඳ ගැඹුරු දැනුමක් සහිත ඔබේ තාක්ෂණික සහකරු වන්නෙමු. CTP උපදේශකයෙකු ලෙස ක්‍රියා කරමින්, නඩු කටයුතු වලදී සිදුවන සෑම තාක්ෂණික කරුණක්ම නිවැරදිව තහවුරු කරමින් ඔබේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නෙමු.
ණය කළමනාකරණය සහ මූල්‍ය විසඳුම් (Debt Management): ණය බරින් නිදහස් වී, සැනසිල්ලේ ජීවත් වීමට අප හා එක්වන්න!
බැංකු, මූල්‍ය සමාගම් හෝ පුද්ගලික ණය හිමියන් සමඟ ඇති ඕනෑම ආකාරයක මූල්‍ය ගැටලුවක් විසඳා ගැනීමට අපි ඔබට නීතිමය සහ තාක්ෂණික සහාය ලබා දෙන්නෙමු.
- අධිකරණයෙන් පිටත සාමකාමී විසඳුම්: නඩු මගට නොගොස්, සාකච්ඡා මාර්ගයෙන් (Saldo e Stralcio) ණය බර අඩු කර ගැනීම සඳහා අපි මැදිහත් වන්නෙමු.
- ගිවිසුම් පරීක්ෂා කිරීම: ඔබේ ණය ගිවිසුම්වල ඇති අසාධාරණ කොන්දේසි හෝ අමතර පොලී (Anatocismo) පිළිබඳව විධිමත් පරීක්ෂාවන් සිදු කරමින් ඔබට උපරිම සාධාරණය ඉටු කර දෙන්නෙමු.
- ණය හිමියන් කළමනාකරණය: ණය හිමියන්ගෙන් එන පීඩනය අවම කර, ක්‍රමවත් ගෙවීමේ සැලසුම් සකස් කර දීම අපගේ වගකීමයි.
ඉතාලියේ ඔබේ දේපල සහ ව්‍යාපාරික සිහින සැබෑ කර ගැනීමට වෘත්තීය මගපෙන්වීම.
ඉතාලිය තුළ නිවාස, ඉඩම් හෝ වෙනත් දේපල සම්බන්ධ ගනුදෙනුවලදී නිවැරදි තීරණ ගැනීමට අපි ඔබට සහාය වන්නෙමු:
- දේපල ගනුදෙනු: නිවාස සහ ඉඩම් මිලදී ගැනීම, විකිණීම, කුලියට දීම හෝ බදු දීම සඳහා අවශ්‍ය වන සියලුම නීතිමය සහ පරිපාලනමය මැදිහත් වීම් අපි සිදු කරන්නෙමු.
- ව්‍යාපාර සැලසුම් කිරීම: නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාරයක් දියුණු කිරීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සහ ව්‍යාපාරික උපදේශනය.
- මූල්‍ය කළමනාකරණය: ඔබේ ව්‍යාපාරයේ හෝ පෞද්ගලික මූල්‍ය කටයුතු නිවැරදිව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබා දීම.
වැදගත් දැනුම්දීමයි
අප ආයතනය පෞද්ගලික වෘත්තීය නීති සේවා ආයතනයකි. අප රජයේ අරමුදලින් පවත්වාගෙන යන ස්වේච්ඡා ආයතනයක් (CAF/Patronato) නොවන බව කරුණාවෙන් සලකන්න. අප ලබාදෙන සුවිශේෂී විශේෂඥ නීති සහ තාක්ෂණික සේවාවන් සඳහා වෘත්තීය ගාස්තු අය කරනු ලැබේ.
අදම අප හා සම්බන්ධ වන්න! වෘත්තීය ගෞරවය සහ විශ්වාසය පෙරදැරි කරගත් සේවාවක් සඳහා "Studio Consulente" වෙත පැමිණෙන්න.
"සංක්‍රමණ නීති ක්ෂේත්‍රයට අදාළ සෑම උපදේශනයක් සහ නීතිමය සහායක්ම වෘත්තීය ගාස්තු (Professional Fees) මත පදනම් වන බව කාරුණිකව දන්වා සිටිමු. 2013 ජනවාරි 14 දිනැති අංක 4 දරන ඉතාලි නීතිය (Legge 4/2013) ප්‍රකාරව වෘත්තීය සේවාවන් පවත්වාගෙන යනු අතර, විනිවිදභාවය තහවුරු කිරීම සඳහා, එක් එක් සේවාවට අදාළ විස්තරාත්මක මිල ගණන් ඇස්තමේන්තුවක් (Detailed Quotation) ඔබ වෙත ලබා දෙනු ලබන අතර, කාර්යය ආරම්භ කිරීමට පෙර ඔබේ එකඟතාවය ලබා ගත යුතු වේ."
දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම සඳහා (Appointment),
සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9:30 සිට දහවල් 12:30 දක්වා කාලය තුළ ජංගම දුරකථනයට අමතන්න හෝ
කාර්යාලයට පැමිණෙන්න.
සචිනි වර්ණකුලසූරිය
ප්‍රවීණ ඉතාලි නීතිවේදී | ඉතාලි නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරි |
ඉතාලි සංක්‍රමණ නීතිය පිලිබඳ විශේෂඥ |
වෙරෝනා අධිකරණයේ ලියාපදිංචි තාක්ෂණික උපදේශිකා (CTU)
Legge n. 4/2013
සමාජ සේවා අංශය
ඉතාලි රජයේ ලියාපදිංචි ස්වෙච්ඡා සංගමයක් වන ITAL LANKA Onlus සමාජ උපයෝගිතා සංවිධානයේ ප්‍රධාන අරමුණ වනුයේ ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් සහ විදේශිකයන් හට නිවැරදි තොරතුරු ලබා දීම මගින් සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය කිරීමට සහය වීමයි.