නීතිවේදී සචිනි වර්ණකුලසූරිය
ප්‍රවීණ ඉතාලි නීතිවේදී | ඉතාලි නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරි |
ඉතාලි සංක්‍රමණ සහ සරණාගත නීති පිළිබඳ විශේෂඥ |
වෙරෝනා අධිකරණයේ ලියාපදිංචි තාක්ෂණික උපදේශිකා (CTU)
Legge n. 4/2013
වසර 18කට අධික දීර්ඝ කාලයක අත්දැකීම් සහ ඉතාලි සංක්‍රමණ නීතිය පිළිබඳ හසළ දැනුම උපයෝගී කරගනිමින්, දහස් සංඛ්‍යාත විදේශිකයන්ගේ නීතිමය ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදෙන ඉතාලි නීතිවේදිනී සචිනි වර්ණකුලසූරිය, වර්තමානය වන විට ඉතාලියේ ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නීතිවේදිනියකි.
වෙරෝනා හි "STUDIO CONSULENTE" පෞද්ගලික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදිනියක (Legge n. 4/2013) ලෙස කටයුතු කරන ඇය, ඉතාලියේ වෙසෙන විදේශිකයන්ගේ නීත්‍යානුකූලභාවය, සමානාත්මතාවය සහ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වේ.
ශ්‍රී ලංකාවේ ගෝනවිල දංකොටුව රජයේ ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව රෝමයේ පදිංචි තම දෙමාපියන් වෙත සංක්‍රමණය වූ සචිනි වර්ණකුලසූරිය, එතැන් පටන් ඉතාලි භාෂාවෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළාය.
- පාසල් අධ්‍යාපනය: රෝමයේ "Leonori" පාසල සහ "Ferdinando Magellano" උසස් පාසලෙන් ගණකාධිකරණය හා වාණිජ විශේෂඥ ඩිප්ලෝමාව (Diploma di Maturità) ලබා ගැනීම.
- උසස් අධ්‍යාපනය: සුප්‍රසිද්ධ La Sapienza විශ්වවිද්‍යාලයෙන් "ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ පවුල් නීතිය" පිළිබඳ නිබන්ධනයක් ඉදිරිපත් කරමින් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (LLM) හිමිකර ගැනීම.
- නීතිඥ පුහුණුව: වෙරෝනා නීතිඥ මණ්ඩලය (Consiglio dell'Ordine degli Avvocati di Verona) යටතේ සිය නීතිමය පුහුණු ක්‍රියාවලිය සාර්ථකව නිම කළාය.
- විශේෂඥ පුහුණුව: නාපොලි නීතිඥ සංගමයේ සංක්‍රමණ නීති කොමිෂන් සභාවෙන් තාක්ෂණික-ප්‍රායෝගික පුහුණුව ලැබීම සහ වර්තමානයේ බොලොඥා විශ්වවිද්‍යාලයේ සංක්‍රමණ නීතිය පිළිබඳ උසස් අධ්‍යාපනය නිම කළාය
- බොලොඥා විශ්වවිද්‍යාලයේ උසස් විශේෂඥ පුහුණුව (Università di Bologna): ලොව පැරණිතම සහ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන බොලොඥා විශ්වවිද්‍යාලය (Alma Mater Studiorum - Università di Bologna) වෙතින් "Corso di Alta Formazione Continua e Permanente in Pratiche Sociali e Giuridiche nell'Accoglienza ed Integrazione dei Migranti" (සංක්‍රමණිකයන් පිළිබඳ නීතිමය සහ සාමාජීය ප්‍රායෝගික ක්‍රියාපටිපාටීන් පිළිබඳ උසස් විශේෂඥ පුහුණු පාඨමාලාව) සාර්ථකව නිම කර ඇත. එහිදී ඇය අවසාන පරීක්ෂණයෙන් 30/30 ඉහළම ලකුණු (Voto 30) ලබා ගනිමින් (20 CFU) සම්පූර්ණ කරමින් සංක්‍රමණ නීතිය පිළිබඳ සිය විශේෂඥභාවය තවදුරටත් තහවුරු කර ගත්තාය.
වෘත්තීය ජයග්‍රහණ සහ සේවාවන්
2006 වසරේ සිටම ස්වේච්ඡා සේවාවන් හරහා සිය වෘත්තීය ගමන ඇරඹූ ඇය, විදේශිකයන්ට ඉතාලි භාෂාව ඉගැන්වීම, පරිවර්තන සේවා සහ වීසා/පුරවැසිභාවය පිළිබඳ උපදේශන සේවාවල නිරත වූවාය.
අධිකරණ තාක්ෂණික උපදේශක (CTU): 2025 මැයි මාසයේ සිට ඉතාලි අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ලැයිස්තුවේ ලියාපදිංචි වී, ඉතාලි අධිකරණය හමුවේ කිසිදු වෘත්තීය මණ්ඩලයකට යටත් නොවී ස්වාධීනව ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නිල උපදේශකවරියක ලෙස සේවය කරයි.
රාජ්‍ය අංශයේ අත්දැකීම්: වෙරෝනා PREFETTURA රජයේ ආයතනයේ දේශපාලන රැකවරණය පිළිබඳ පුහුණුව ලබා ඇති ඇය, සංක්‍රමණ නීතිය මෙන්ම අපරාධ නීතිය පිළිබඳවද විශේෂ නිපුණත්වයක් දක්වයි.
"එකම ඉලක්කයක් ඇති වෘත්තිකයන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සාර්ථකත්වයේ රහසයි."
නීත්‍යානුකූලභාවය සහ යුක්තිය පසිඳලීම වෙනුවෙන් කැපවී සිටින නීතිවේදිනී සචිනි වර්ණකුලසූරිය, ඉතාලියේ වෙසෙන දසදහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට මහත් ශක්තියකි.
E-mail: consulenza.sachini@gmail.com
මෙම වෘත්තිය ඉතාලියේ 2013 ජනවාරි 14 දිනැති අංක 4 දරන නීතිය යටතේ කිසිදු වෘත්තීය මණ්ඩලයකට යටත් නොවී ස්වාධීනව සිදු කරනු ලබන අතර මෙය ස්වාධීන වෘත්තීය සේවාවකි. Professione esercitata ai sensi della Legge n. 4/2013