සචිනි වර්ණකුලසූරිය
ජ්‍යෙෂ්ඨ ඉතාලි නීතිවේදිනී
Consulente Legale Senior
සචිනි වර්ණකුලසූරියට ජ්‍යෙෂ්ඨ ඉතාලි නීතිවේදිනියක් වශයෙන් මේ වන විට සේවාදායකයින් විශාල ප්‍රමාණයකගේ නීතිමය ගැටළු වලට පිළිතුරු සොයා ගැනීමට සේවාවවන් සැපයීමට හැකියාව ලැබී තිබෙන්නේ වසර පහලවකට අධික කාලයක් මුළුල්ලේ ඉතාලි සංක්‍රමණ නීතිය පිලිබඳ ලබා ගත් දැනුම සහ පළපුරුද්ද උපයෝගී කර ගැනීම හේතුවෙනි.
එකම ඉලක්කයක් ඇති වෘත්තිකයන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන විට නිර්මාණය වන වටිනාකම පිලිබඳ ගැඹුරින් විශ්වාස කරන ඉතාලි නීතිවේදි සචිනි වර්ණකුලසුරිය, පසුගිය වසර කිහිපය තුල ඉතාලි සංක්‍රමණ නීතිය පිළිබඳ ඉහළ විශේෂඥ වෘත්තිකයන් කණ්ඩායමක් පිහිටුවමින් මෙම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිවෙදිනියක් ලෙස වෘත්තීය සේවාවන් ලබා දෙමින්, වෙරෝනා "STUDIO CONSULENTE" පුද්ගලික ආයතනයේ, ඉතාලියේ විදේශිකයන්ගේ නීත්‍යානුකූලභාවය, සමානාත්මතාවය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරයි.
සචිනි වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ උපත ලබා පළමු වෙනි ශ්‍රේණිය සිට පස් වන ශ්‍රේණිය දක්වා ගෝනවිල දංකොටුව රජයේ ප‍්‍රාථමික පාසලෙන් සිංහල මාද්‍ය්යයෙන් අදයාපනය ලබා ඉතාලියට පැමිනෙන්නේ රෝම නගරයේ ජිවත් වූ තම දෙමාපියන් සමීපයටයි.
හයවෙනි ශ්‍රේණිය (prima media) සිට අටවෙනි ශ්‍රේණිය (terza media) දක්වා රෝම නගරයේ අචිලියාහි (Acilia) පිහිටි "Leonori" පාසලේ ඉතාලි මාද්‍යයෙන් ඉගනුම ලබා අටවන ශ්‍රේණියේ (terza media) විභාගය සමත් වී අදාල LICENZA MEDIA සහතිකය ඇය ලබා ගනු ලැබුවා.
2008 වසරේ ඉතාලියේ රෝම නගරයේ "Ferdinando Magellano" උසස් පාසලේ අවසන් විභාගය සමත් වී Ragioniere Perito Commerciale ගණකාධිකාරිය සහ වාණිජ විශේෂඥ ඩිප්ලෝමාව (DIPLOMA DI MATURITA') ඇය විසින් ලබා ගැනීමට සමත් වුවා.
2010 වසරේ සිට, සචිනි වර්ණකුලසූරිය රෝමයේ "La Sapienza" විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍යාවක් ලෙස, ඉතාලි භාෂාව සහ සිංහල භාෂාව පරිවර්තන සේවාවන්, විදේශිකයින් සඳහා ඉතාලි භාෂාව ඉගැන්වීම, පාසල් සිසුන් සඳහා පෞද්ගලික උපකාරක පන්ති සේවාවන්, ඉතාලියේ ජිවත් වන විදේශිකයින්ගේ රැඳී සිටීමේ වීසා බලපත්‍ර අයදුම් කිරීමේ සහ අලුත් කිරීමේ ක්‍රියා පටිපාටි සහ ඉතාලි පුරවැසිභාවය පිළිබඳ ක්‍රියා පටිපාටිවලදී විදේශීය පුරවැසියන්ට උපදෙස් සේවා සැපයීමද, ආරම්භ කරනු ලැබුවා.
2016 වසරේ ඉතාලියේ රෝම නගරයේ "La Sapienza" විශ්ව විද්‍යාලයෙන් සචිනි වර්ණකුලසූරිය ඉතාලි නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය Laurea Magistrale in Giurisprudenza ලබා ගත්තේ "ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ පවුල් නීතිය පිළිබඳ" නිබන්ධනයක් ලිවීමත් සමගයි.
ඉන්පසුව දේශපාලන රැකවරණය පිළිබඳව වෙරෝනා PREFETTURA රජයේ ආයතනයේ සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරනු ලැබු ඇය කනිෂ්ඨ නීතිවේදිනියක් වශයෙන් තම නීති සේවාවන් සැපයීම ආරම්භ කරනු ලැබුවා.
2018 වසරේ ඔක්තෝම්බර් මාසයේදී වෙරෝනා නීතිඥ සංගමයේ නීති පුහුණුව සම්පූර්ණ කරනු ලැබු ඇය 2021 වසරේ ඉතාලියේ නාපොලි නීතිඥ සංගමයේ සංක්‍රමණ නීති කොමිෂන් සභාවෙන් ඉතාලි සංක්‍රමණ නීතිය පිළිබඳ තාක්ෂණික-ප්‍රායෝගික පුහුණු සහතිකය ලබා ගනු ලැබුවා.
ඉතාලි නීතිවේදි සචිනි වර්ණකුලසූරිය 2025 මාර්තු මාසයේදී ඉතාලියේ බොලොඥා විශ්වවිද්‍යාලයේ සංක්‍රමණ නීතිය පිළිබඳ උසස් විශ්වවිද්‍යාල පාඨමාලාවක් සඳහා තෝරාපත් කර ගන්නා ලදී.
2025 මැයි මාසයේ සිට ජ්‍යෙෂ්ඨ ඉතාලි නීතිවේදි සචිනි වර්ණකුලසුරිය ඉතාලියේ අධිකරන තාක්ෂණික උපදේශකවරියක් ලෙස (CTU) ඉතාලි අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ලැයිස්තුවේ ලියාපදිංචිව ඉතාලි අධිකරණ අමාත්‍යංශය සඳහා ඉතාලියේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නඩු කටයුතු සඳහා තම සේවය ලබා දෙයි.
මේ වන විට ඉතාලියේ ජ්‍යෙෂ්ඨ ඉතාලි නීතිවේදිනියක් වශයෙන් තම නීති සේවාවන් සපයනු ලබන අතර ඇය ඉතාලි සංක්‍රමණ නීතිය සහ ඉතාලි අපරාධ නීතිය පිලිබඳ තම දැනුම වැඩිදියුණු කරගනිමින්, ඉතාලියේ බොලොඥා විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයේ සංක්‍රමණ නීතිය පිළිබඳ උසස් විශ්වවිද්‍යාල පාඨමාලාවට අදාල අද්‍යනයන්ද සිදු කරනු ලබනවා.