සාර්ථකව විසඳූ නීතිමය ගැටලු වලින් කිහිපයක් 

2025 සැප්තැම්බර් 23

"තවත් රිෆුජී ශ්‍රී ලාංකිකයකු නැවත රුමේනියාවට යැවීම නැවැත්වීමට හැකි වීම"

රුමේනියාවේ සිට ඉතාලිය පැමිණ වෙරෝනා නගරයේ කුස්තුරා අයතනයෙන් සරනගතභාවය (රිෆුජි ASILO) අයදුම් කල ශ්‍රී  ලාංකික තරුණයකු අප ආයතනය යොමු වුයේ රෝමයේ ඩබ්ලින් ඒකකය විසින් රුමේනියාවට නැවත යැවීමට ලබා දුන් තීරණය හේතුවෙන්.

මෙම තීරණයට එරෙහිව අදාල තරුණයා අප ආයතනයේ මගපෙන්වීම හරහා රෝම අධිකරණයේ නඩු ගොනු කරනු ලැබුවා.

මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ යුතු බවට ප්‍රභල හේතු ඉදිරිපත් කරමින් මෙම ශ්‍රී ලාංකික තරුණයා වීසා ලබාගෙන පැමිණියේ රැමේනියාවේ රැකියාවක් කිරීමට සහ එම රටේ වාසය කිරීමට යැයි තර්ක කරමින් ඔහුව කඩිනමින් රැමෙනියාවට යැවීමට කටයුතු කල යුතු බව ප්‍රකාශ කරමින් ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් ඉතාලි රජයේ සේවය කරන නීතිඥ කණ්ඩායමක් රෝම අධිකරණය හමුවේ පෙනී සිටියා.

නමුත් රුමේනියාවේ සිට ඉතාලියට පැමිණ රිෆුජි  අයදුම්කල මෙම ශ්‍රී ලාංකික තරුණයාව නැවත රුමෙනියාවට රැගෙන යාම වැළැක්වීම සඳහා සාර්ථක නඩු තීන්දුවක් පසුගිය 2025 සැප්තැම්බර් 23 වෙනිදා ලබා ගැනීමට අප ආයතනයේ නීතිමය තර්කයන් හේතුවෙන් හැකි වු අතර මෙම තරුණයාගේ ඉතාලියේ අනාගත ගමනට අප සුභ ප්‍රර්ථනා කරමු.

සකස්කලේ
සචිනි වර්ණකුලසූරිය 

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

"වෙරෝනා රිෆුජී ශ්‍රී ලාංකිකයකු නැවත රුමේනියාවට යැවීමේ තීරණයක් අවලංගු කරගැනීමට හැකි වීම"

වසර ගනනාවක් මුලුල්ලේ ඉතාලියට නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන ලෙස සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ ජීවත කතා ආරම්භ වන්නේ මෙම භුමියට මුලින්ම ඇතුළු වන දින සහ ඉතාලියේ තම පලමු විසීමේ බලපත්‍රය "Permesso di soggiorno" ලබා ගන්නා අවස්ථාවෙන්.

1970 දශකයේ අග භාගයේදී දරිද්‍රතාවයෙන් පලා යාම වැනි හේතු මෙන්ම ශ්‍රී ලංකාවේදී තමන් ජීවත් වූ තත්ත්වයට වඩා ආර්ථික සහ සමාජමය වශයෙන් උසස් තත්ත්වයක් ගැන සිහින දැක ඉතාලියට සංක්‍රමණය වූ ගෞරවනීය ශ්‍රී ලාංකික මිනිසුන් බොහෝමයකගේ ජීවිත මේ ඉතාලි භුමිය තුලම විවිධ නගරයන්වල සැනසීමේන් නිදන් ගත වීද හමාරයි.

එදා මෙන්ම අද 2025 වන විටද ඉතාලියට සංක්‍රමණය වන ශ්‍රී ලාංකියින්ගෙන් බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් පලා යාමට සහ ශ්‍රී ලංකාවේදී තමන් ජීවත් වූ තත්ත්වයට වඩා ආර්ථික වශයෙන් සහ සමාජමය වශයෙන් උසස් තත්ත්වයක් ගැන සිහින දකිමින් ඉතාලියට සංක්‍රමණය වීම විශේෂත්වයක්.

මේ වන විට ඉතාලියට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් රුමේනියාවට නීත්‍යානුකූලව ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් වනවා. ඔවුන්ගේන් බොහෝ දෙනෙකු ඉතාලියට ඇතුළු වී ජාත්‍යන්තර ආරක්ෂාව (Rifugi - Asilo) අයදුම් කරනවා.

නමුත් මෙතනදී යුරෝපා හවුලේ සංක්‍රමණ නීති යට අනුව මෙම පුද්ගලයින් නැවත රැමේනියාවට යැවීමට ඉතාලි රජයට හැකියාව තිබෙනවා.

මෙවැනි ශ්‍රී ලාංකික තරැණයකු ඉතාලියට ඇතුළු වී වෙරෝනා නගරයේ Questura ආයතනයෙන් ජාත්‍යන්තර ආරක්ෂාව (Rifugi - Asilo) අයදුම් කිරීමේන් අනතුරුව ඔහුව නැවත රුමේනියාවට යැවීමට ඉතාලි රජයේ රෝමයේ පිහිටි Unita' Dublino විසින් පසුගිය මැයි 27 වනදා තීරණය කරනු ලැබූ බව දැනුම් දී තිබුනා.

මෙම තරුණයා මාගේ සේවය සපයන වෙරෝනා නගරයේ අප Studio Consulente නීති ආයතනය හරහා රෝම අධිකරණය වෙත නඩු පැවරීමෙන් මෙම තීරණය නවත්වා ගැනීමට හැකිවූවා.

ඉතින් ඉතා වේගයෙන් වෙනස් වන ඉතාලියේ සහ යුරෝපයේ සංක්‍රමණ නීතිය මේ වන විට ඉතාලියේ සහ යුරෝපයේ ජීවත් වන සංක්‍රමණිකයින්ගේ ජීවත පිළිබඳ දැඩිව ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙනවා. නමුත් මේ හැම අවස්ථාවකටම මුහුණ දීමට තමන්ට විශ්වාසවන්ත නීති ආයතනයක නිවැරදි මගපෙන්වීම ඉතාම වැදගත්.

සකස් කලේ,
සචිනි වර්ණකුලසූරිය

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

 2025 ජූලි  17

 2025 ජූලි  2

"වසර 4කට පසු කතානියා අධිකරණය ලාංකීය මවට සාධාරණය ඉෂ්ඨ කරයි"

"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ"

ගුණදාස කපුගේ ගායනශුරීන්ගේ හඬින් ගැයෙන මේ මියුරුගීය ලාංකීය මාතෘත්වයේ අසීමිත සෙනෙහස පිළිබඳ ප්‍රෙක්ෂක හදවතේ සියුම් තැන් සිතුවම් කිරීමට තරම් හැකියාවක් තිබෙන ගීයක් යැයි මා කීවොත් ඔබ මා සමඟ නිසැකවම එකග වේවී. පැල නැති හේනක් යනු පිරිමියෙකුගේ ආරක්ෂාවක් නැති නිවසක් වැනියි. පිරිමියකු සිටියද පවුලට කිසිදු සහයක් ලබා නොදීම හේතුවෙන් කාන්තාව දරුවන් රැක බලාගනිමින් කිසිදු සහයක් නැතිව තනිවම සියලු ගැටළු වලට මුහුණ දෙන තත්ත්වයක්ද මේ හා සමාන විය හැකියි. දරු පවුල වෙනුවෙන් නොපිරිහෙළා වගකීම් යුතුකම් ඉටු කරමින් අසීමිත සෙනෙහසින් තම කුසින් වැදූ දූ දරුවන්ගේ හදවත් පුරවමින් දහසකුත් බිඳ වැටීම් මැද ජීවිතය සමඟ පොරබදන මවුවරුන් බොහෝමයක් අප සමාජයේ දක්නට ලැබෙනවා.

මාගේ Facebook පිටුවේ ලිපි පරිශීලනය කොට තමන්ගේ දැනුමට යමක් එකතු කරගැනීමට නිතර උත්සාහ කරන පාඨක ඔබ වෙනුවෙන් මේ ලිපිය හරහා රැගෙන එන කතාව ඉතාලියේ කතානියා නගරයේ ජීවත් වන තමන්ගේ කුසින් බිහි කල සියලු දරුවන් හට එක හා සමානව සෙනෙහස ලබා දෙන ශ්‍රී ලාංකික මවක් පිළිබඳවයි.

මේ ලාංකීය මව ඉතාලියේ කතානියා නගරයේ රැකියාවක නිරත වන අතර ඇය මුලින්ම තම පුත්‍රයාව ඉතාලියට ගෙන්වා ගන්නට සමත්ව සිටියා. වයස අවුරුදු 18ක් සපිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකාවේ නෑදැයින් සමඟ රැදී සිටි තම දියනියවද ඉතාලියට ගෙන්වා ගැනීමට Nulla osta al ricongiungimento familiare කතානියා Prefettura ආයතනය හරහා අයදුම් කොට 2020 වසරේ සැප්තැම්බර් මස 24 වෙනිදා දින එම අයදුම්පත ප්‍රතික්ෂේපව තිබුණා.

මෙම අයදුම්පත ප්‍රතික්ෂේප වීමට හේතුව අදාල මවගේ සම්පූර්ණ වාර්ශික ආදායමට අදාලව අනිවාර්යය සම්පූර්ණ "සමාජ ආරක්ෂණ දායක මුදල්" INPS ගෙවීම් අඩුවක් තිබීමයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වීම හේතුවෙන් තම දියනියට නැවත Nulla osta al ricongiungimento familiare අයදුම් කිරීමට මෙම මවට නීතිමය හැකියාවක් තිබුණේ නැහැ.

වෙරෝනා නගරයේ මාගේ සේවය ලබා දෙන Studio Consulente නීති ආයතනය වෙත යොමුව කතානියා Prefettura ආයතයේ තීරණයට එරෙහිව කතානියා අධිකරණයේ නඩු ගොනු කරමින් වාර්ශික ආදායමට අදාලව සමාජ ආරක්ෂණ දායක මුදල් INPS නොගෙවීම සේවකයකුගේ වරදක් නොවන බවත් එය Datore di lavoro (රැකියාදායකයාගේ) වරදක් බවත් පෙන්වා දුන්නා.

මෙම ණඩුවේ මහෙස්ත්‍රාත් තුමිය වූ කතානියා අධිකරණයේ Dottoressa Apostolico Iolanda ආන්දොලනාත්මක ලෙස ඉතාලි රජයේ සංක්‍රමණ නීතිය පිළිබඳ ප්‍රතිපත්ති වලට එරෙහිව ඉල්ලා අස්වීමේ සිද්ධියත් සමග අදාල ණඩු දිනයන් කල්යාම සිදු වූවා.

ඇතැම් අවස්ථා වලදී හැඩූ කදුලින් මා දුරකථනයෙන් අමතා මෙම ලාංකීය මව කියා සිටියේ තම පුත්‍රයා තමන් අසල සිටියත් තම දියුණිය ශ්‍රී ලංකාවේ තනි වීම පිළිබඳ ඇයට ඇත්තේ ඉවසාගත නොහැකි දුකක් බවයි. ස්වභාවයෙන් මවුවරුන්ට තම සියලුම දරුවන් එක හා සමාන බවද ඇය කියා සිටියා.

වසර 4කට පමණ පසු මෙම ලංකීය මවට සාධාරණ ණඩු තීන්දුවක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. මෙතනදී සුවිශේෂි කාරණය වන්නේ මෙම නියොගයෙන් මෙම දියනියට ඉතාලිට ඇතුළු වීමට වීසාද ලබා දෙන මෙන් කතානියා අධිකරණය නියෝග කිරීමයි.

මව් සෙනෙහස නොලැබෙන දරුවන්ගේ ජීවිතවලට සිදුවන විනාශ ඕනෑතරම් මේ සමාජයේ ජීවත් වන අප අත්විඳ තිබෙනවා. සෑම අම්මා කෙනෙක්ටම තම දරුවන් සියල්ලන්ටම එක ලෙස සෙනෙහස ලබා දෙන්නට බැරි විය හැකියි. නමුත් මව් සෙනෙහස කිසිවකට සමාන කළ නොහැකියි බව මාගේ විශ්වාසයයි.
@fanpiùattivi

සකස් කලේ,
සචිනි වර්ණකුලසූරිය

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

2025 ජුනි 09

09  quam, at blandit leo.

"කොලඹ ඉතාලි තානාපති කාර්යාලය අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කල මවගේ වීසා රෝම අධිකරණය ලබා දෙයි"

පවුල් සංස්ථාව නම් කුඩා කුටුම්බය තුල උසස්ම සම්බන්ධය මව්පිය දූදරු සම්බන්ධය වශයෙන් සොභාදහම විසින් සකසා දී ඇත්තේ එය උතුම් යුතුකමක් මෙන්ම උතුම් වගකීමක් සහ උතුම් වූ අයිතිවාසිකමක්ද වන බැවින්.

දෙමව්පියන් පුද්ගලයන් වශයෙන් වඩාත් විනීත හා පෞරුෂයෙන් පිරිපුන් වන තරමට, ඔවුන්ගේ කුඩා දරුවන්ද හොඳින් දියුණු වූ මනසක්, හොඳ චරිතක් සහ සුන්දර පෞරුෂයක් ඇති පුද්ගලයින් බවට පත්වනු ඇත.

කණගාටුවට කාරණයක් නම් අප සමාජයේ දරුවන්ගෙන් සැළකිලි වන්දනා මාන ලබන්නට හැකිවන පරිදි සියලුම දෙමාපියෝ සුදුස්සන් නොවීමයි. බොහෝ විට එයට හේතුව ආතැම් දෙමාපියන් මාතෘත්වයේ සහ පීතෘත්වයේ ගෞරවය රැකෙන පරිදි සමාජය තුල ජීවත් වීමට අපොහොසත් වීමයි. ඇතැම් දෙමාපියන්ගේ ක්‍රියාවන් හේතුවෙන් දරුවන් ලැජ්ජාවට පත් වීමට පවා සිදුවන අවස්ථාවන් දැකගත හැකියි. මිල මුදල්, යාන වාහන, දේපල, තත්වය, බලය සහ මාන්නය ඉදිරියේ අද සමාජයේ ඇතැම් දෙමාපියන් සහ දරැවන් අතර බැදීම් දෙදරා යාමද බොහෝ අවස්ථා වලදී දක්නට ලැබෙනවා.

දරුවන් මොළොවට බිහි කළ පමණින් කවා පොවා හදාගත් පමණින් දරුවන්ගෙන් සැළකිලි වන්දනා මාන ලබන්නට දෙමාපියන් සුදුස්සන් නොවන අතර දරැවන්ද කුඩා කාලයේදී තමන්ව තේරුම් ගනිමින්, ආදරය, සෙනෙහස, රැකවරණය මෙන්ම පෝෂණය නොවඩුව ලබා දුන් මේ වන විට මහලු වියට පැමිණ ඇති දෙමාපියන් රැකබලා ගැනීමට කටයුතු කල යුතු බවද කිව යුතුයි.

2023 වසරේ ජූලි මස 3 වනදා මිලානෝ Prefettura ආයතනය හරහා ලංකාවේ විසූ තම වයස 54ක් වූ මව වෙනුවෙන් Nulla Osta ලබා ගැනීමට මිලානෝ නගරයේ දියනියකට හැකියාව ලැබුනා. එම වසරේම අගොස්තු 3 වෙනිදා අදාල මව කොළඹ VFS Italy ආයතන හරහා කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට තම වීසා අයදුම්පත් භාර දුන්නා. 15.04.2024 වන දින කොළඹ ඉතාලි තානාපති කාර්යාලය අදාල වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අදාල මවට වෙනත් දරුවන් ශ්‍රී ලංකාවේ ජීවත් වනවාද නැතිද යන්න ඔප්පු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

මාගේ නීතිමය සේවාවන් සපයන වෙරෝනා නගරයේ studio consulente නීති ආයතනයේ මගපෙන්වීම හරහා 12.06.2024 වන දින රෝම අධිකරණය ඉදිරියේ මෙම අසාධාරණ තීරණයට විරුද්ධව නඩු ගොනු කිරීමට අදාල මිලානෝ නගරයේ ජීවත් වන දියනියට හැකියාව ලැබුණු අතර පසුගිය 04.04.2025 වන දින මෙම ණඩුව ජයග්‍රහණය කිරීමට හැකි වූවා.

මේ වන විට වයස අවුරුදු 55ක් වන මව හට ක්ෂනිකව වීසා ලබා දෙන බවට රෝම අධිකරණය විසින් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට නියෝග කරනු ලැබුවා.

පවුල නමැති ආදරය පිරුණු ශක්තිමත් කවයට පිටතින් මොන ප්‍රශ්න භාධක ආවත් ඒ පවුල තුල අවංක සෙනෙහස සහ බැදීම ඇත්නම් ඒ පවුල ඕනෑම අභියෝගයකින් ජයගැනීමට ඒ පවුලේ සාමාජිකයන් හට අපහසු වෙන්නෙ නැහැ.

මිලානෝ නගරයේ ..... මහත්මිය ඔබගේ මවට මෙන්ම ඔබගේ පවුලේ සැමට සුභ අනාගතයක් වේවායි අප studio consulente නීති ආයතය ප්‍රාර්ථනා කරනවා.

සකස් කලේ,
සචිනි වර්ණකුලසූරිය

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

 2025 මාර්තු 19

"නාපොලි කුස්‌තුරා අත්හිටවූ සොජෝර්නෝ අයදුම්පත නැවත සක්‍රිය කර ගැනීමට හැකිවෙයි"

ඉතාලියේ මිලානෝ නගරයේ ජිවත් වන අවුරුදු 23ක තරුණයෙකු හට නාපොලි කුස්තුරා ආයතනය විසින් තම පෙර්මෙස්සෝ දී සොජෝර්නෝ ඉල්ලුම්පත අත්හිටවනු ලැබු අතර අප Studio Consulente ආයතනයේ නීතිමය මැදිහත් වීම හරහා එය නැවත ලබා ගැනීමට හැකියාව ලැබූනා.

මේ වන විට මිලානෝ නගරයේ ජීවත් වන එම තරැණයාගේ අනාගතයට Studio Consulente වෘත්තීමය කණ්ඩායමෙන් සුභ පැතුම්.

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

අත්හිටවූ නුල්ලා ඕස්තා වලට විසඳූම් 

Flussi 2024 කොළඹ ඉතාලි තානාපති කාර්‍ය්ලය විසින් (DL n. 145/2024) අත්හිටුවීමට ලක්කරනු ලැබූ, Nulla Osta 8ක් අදාල Prefettura ආයතන වෙත නීතිමය කරුනු ඉදිරිපත් කිරීමේන් නැවත වලංගු කරගනිමින් සාර්ථක පිලිතුරු ලබා ගැනීමට අප Studio Consulente වෘත්තීමය කණ්ඩායමට හැකි වූවා.

එකී සියලුම අයදුම්කරුවන්ගේ ඉතාලි රැකියාවන් පිලිබද සිහිනය සැබෑවේවායි අප Studio Consulente වෘත්තීමය කණ්ඩායම එක සිතින් ප්‍රාර්ථනා කරමු.

 2025 මාර්තු 15 

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

2025 ජනවාරි 30 

නාපොලි Ricongiungimento Familiare නුල්ල ඔස්තා ලබාගෙන Belluno කුස්තුරා ආයතනයෙන් Permesso di soggiorno පදිංචි බලපත්‍රය ලබා ගනී

ඉතාලියේ නාපොලි නගරයේ විසූ කාන්තාවක් නාපොලි නගරයේ ප්රෙෆෙත්තුරා ආයතනය හරහා නුල්ල ඕස්තා ලබා ගනිමින් තම සැමියා ඉතාලියට ගෙන්වා ගත්තා. නමුත් මෙම යුවළ රැකියාවට බෙල්ලුනෝ නගරයට පදිංචියට යාමට සිදු වුනා. නාපොලි  ප්රෙෆෙත්තුරා ආයතනය අදාල සැමියා හට සොජෝර්නෝ අයදුම් කිරීම සඳහා දිනයක් ලබා දුන්නේ නැහැ.
අදාල අඹු සැමි යුවල අපගේ කණ්ඩායමේ සහාය ඇතිව අදාල පෙර්මෙස්සෝ දී සොජෝර්නෝ බෙලූනෝ කස්තුරා පොලිස් ආයතන සඳහා අයදුම් කරමින් අදාල සැමියා කෙටි කාලයකින් ඉතාලියේ  පදිංචි බලපත්‍රයද ලබා ගත්තේය.

Studio Consulente වෘත්තීමය කණ්ඩායමෙන් සුභ පැතුම්.

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

2020 SANATORIA පිලිතුරු ලබා ගැනීමට නොහැකිව සිටි අයදුම්කරුවන්හට විසඳූම් 

2020 වසරේ පැමිනි අනවසර සංක්‍රමිකයන් නීතිගත කීරීමේ නිතිය (2020 Sanatotia Emersione dei rapporto di lavoro) යටතේ අයදුම්පත් ඉදිරිපත් කර ඒ සදහා වසර ගනනාවක් යනතුරු සාර්ථක පිලිතුරු ලබා ගැනීමට නොහැකිව සිටි අයදුම්කරුවන්හට ඉතාලියේ අදාල Prefettura හරහා, ඒ සදහා සාර්ථක පිලිතුරු ලබා ගැනීමට අප Studio Consulente වෘත්තීමය කණ්ඩායමට හැකි වූවා.

Studio Consulente වෘත්තීමය කණ්ඩායමෙන් සුභ පැතුම්.

2024 මැයි 16

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione
 

වසර දෙකයි මාස හයෙන් ඉතාලි පුරවැසිභාවය 

ඉතාලියේ වෙනීසීයේ අප ආයතනයේ සේවා දායිකාවකට ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කර වසර දෙකයි මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත ඒ සදහා සාර්ථක පිලිතුරු ලබා ගැනීමට අප Studio Consulente වෘත්තීමය කණ්ඩායමට හැකි වූවා.

Studio Consulente වෘත්තීමය කණ්ඩායමෙන් සුභ පැතුම්.

2024 අප්‍රේල් 9 

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione
 

විචෙන්සා ලාංකික තරුණියගේ ඉතාලි තානාපති කාර්යාලයට එරෙහි නඩු තීන්දුව

Studio Consulente ආයතනයේ වෘතිකයින් කණ්ඩායමගේ උපදෙස් හා මගපෙන්වීම තුළින් විචෙන්සා නගරයේද ශ්‍රී ලාංකික තරැණියක් ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව ජයග්‍රහණය කරා රැගෙන යාමට අපට හැකියාව ලැබූනා.

ඉතාලියේ විචෙන්සා නගරයේ ශ්‍රී ලාංකික තරුණියක් ශ්‍රී ලංකාවේ ජීවත් වන තම තරුණ සැමියා තමන් සමීපයට ගෙන්වා ගැනීම සඳහා ඉතාලි සංක්‍රමණ නීතිය යටතේ nulla osta al ricongiungimento familiare විචෙන්සා නගරයේ Prefettura ආයතනයෙන් ලබාගත් පසු, කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ අදාල වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියට අදාල තරුණ සැමියා යොමු වීමත් සමඟ අදාල සම්මුඛ පරීක්ෂණයටද සහභාගී වු පසු කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විසින් වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කොට තිබුනා.

මෙහිදීද මෙම වීසා ප්‍රතික්ෂේප කිරීමට පෙර ලබා දෙන්නාවු ඉතාලි නීතියට අනුව කරැනු ඉදිරිපත් කල යුතු වන දින 10ක් තුළ නීතිමය කරැණු සමඟ ලියවිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීමට (Preavviso di rigetto) ඉතාලි නීතියට අනුව සාර්ථක පදනමක් සහිත නීතිමය පිළිතුරක් මෙම තරුණ අඹු සැමි යුවලද ලබා නොදීම හේතුවෙන් ඉතාලි අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරීමේදී අවාසි සහගත තත්වයක් විය හැකි බව අදාල තරැණියටද පැහැදිලි කිරීමට සිදු වූවා.

 අවාසි සහගත තත්ත්වයක පසු වුවද මෙම විචෙන්සා නගරයේ තරුණිය Studio Consulente වෘතික කණ්ඩායම හරහා ඉතාලියේ වැනීස් අධිකරණයේ කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට (එනම් ඉතාලි විදේශ කටයුතු අමාත්‍යාංශයට) එරෙහිව නඩු ගොනු කරනු ලැබුවා.

වැනිස් අධිකරණය ඉදිරියේ මෙම ශ්‍රී ලාංකික අඹු සැමි විවාහයද සත්‍යය විවාහයක් බව ඔප්පු කිරීමට අපට හැකියාව ලැබුනේ ශ්‍රී ලාංකික සංකෘතිය, නීතිය, විවාහ සහතිකය ලියාපදිංචි වන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ කසාද සහතිකය පිළිබඳව ඉතාලි මහෙස්ත්‍රාත්වරයා හට ලිඛිතව කරැණු සපයමින් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කිරීමේන් අනතුරුවයි.

මෙම නඩු කටයුත්තද මාස 6ක් වැනි කාලයකින් අවසන් වූ අතර දේශයන් දෙකක ඈත්ව දිවි ගෙවීම හේතුවෙන් ඉතා අසීරු තත්වයක සිටි තවත් ශ්‍රී ලාංකික තරුණ යුවලක් එකතු කිරීම වෙනුවෙන් වෘතිමය දායකත්වය ලබා දීමට හැකි වීම අප Studio Consulente වෘතික කණ්ඩායම අත් කරගත් තවත් ජයග්‍රහණයක්.

©️ copyright, all rights reserved
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941 È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione

2023 මැයි 01

පළමු නඩු දිනයටත් පෙර (මාස 4න්) ප්‍රතික්ෂේප කරනු ලැබු වීසා ලබා දෙයි

2022  ඔත්තෝම්බර් 18

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.