ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව වෙරෝනා අඹු සැමි යුවලගේ ජයග්‍රහණය - දෙවන කොටස විසා ලබා ගැනීම
මාස 8ක් වැනි කාලයක් තුල ඉතාලි එම්බසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු ricongiungimento familiare වීසා ඉක්මනින් නිකුත් කිරීමට බල කරමින් අදාල අධිකරණයෙන් 2022 සැප්ඉතැම්බර් මස 02 වන දින නියෝගයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා මගපෙන්වීමට අප ආයතනයට හැකි වූ අතර අද දින එනම් 2022 ඔක්තෝම්බර් 14 වන දින (දින 41ක් වැනි කෙටි කාලයක් තුල) වීසා බලපත්‍රයද ඉතාලි තානාපති කාර්යාලය හරහා ලබා ගැනීමට හැකි වුවා.
ඉතාලියේ ජිවත් වන ලාංකික තවත් පවුලක් එකතු කිරීම වෙනුවෙන් වෘතිමය දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව හදවතින් සතුටු වන අතර අප සමඟ කාර්යක්ෂමව සහ වෘත්තීයමය වශයෙන් වැඩ කරන අපගේ සියලුම දක්ෂ වෘත්තිකයන් සෑම විටම මෙන් අපගේ සේවාදායකයින් වෙනුවෙන් කැපවීමට නිරතුරුව බැඳී සිටියි.
අප සෑම විටම ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉඩකඩ ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන, ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බවත්, ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව අපගේ පුද්ගලික විශ්වාසය බවයි.
මේ සම්බන්ධයෙන් 2022 සැප්ඉතැම්බර් මස 02 වන දින අප විසින් පලකල පළමු ලිපිය පහතින් අමුනා ඇත. link ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව වෙරෝනා අඹු සැමි යුවලගේ ජයග්‍රහණය
Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
Pᴇᴄ. : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
P.IVA 0480676023