ඉතාලි තානාපති කාර්යාලයට එරෙහිව
වෙරෝනා අඹු සැමි යුවලගේ ජයග්‍රහණය
අඹු සැමි ප්‍රේමය යනු අපූර්ව වූ සම්බන්ධයකි.
අකුරු හතරකින් සමන්විත සරල වචනයක් වුවද "විවාහය" යනු සැඟව පවතින ඉතා සංකීර්ණ අරුතක් ඇති වචනයකි. අඹු සැමි ප්‍රේමය පිළිබඳව ලියැවුණු කතන්දර අතිවිශාල ප්‍රමාණයක් ලෝක සාහිත්‍යය සහ ලාංකීය සාහිත්‍යය හදාරන විට අපට හමු වනවා. උදාහරණ වශයෙන් රෝමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, ඉතිහාසය විසින් මානව සමාජයට දායාද කරනු ලැබු ඉතා වටිනා පෙම් වෘතාන්තයන් වේ.
ඉතිහාසයේ මෙන්ම මෙවැනි ආදර කතා වර්තමනයේද දක්නට නොලැබෙනවාම නොවේ.
එක්තරා දිනකදී අප හමුවීමට වෙරෝනා නගරයේ studio consulente කාර්යාලය වෙත අලුත විවාහ වූ ශ්‍රී ලාංකික තරුණයකු පැමිණියා. වෙරෝනා නගරයේ බොහෝ කලක සිට ජිවත් වන මොහු පවසා සිටියේ, ශ්‍රී ලංකාවේදී විවාහ වී තම ආදරණීය භාර්යාව තමන් සමීපයට ගෙන්වා ගැනීම සඳහා ඉතාලි සංක්‍රමණ නීතිය යටතේ අදාල අයදුම් කිරීමේ ක්‍රියාවලිය තුල nulla osta al ricongiungimento familiare දුක් මහන්සියෙන් ලබා ගත් බවත්, ඉන්පසුව කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ අදාල වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියට ඇතුලු වූ බිරිඳ අදාල සම්මුඛ පරීක්ෂණයටද සහභාගී වු බවත්, ඉන් කෙටි කලකට පසුව කොළඹ ඉතාලි එම්බසිය විසින් වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට සුදානම් බව දන්වන දින 10ක් තුළ නීතිමය කරැණු සමඟ ලියවිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම ලබා දී තිබූ බවයි.
මෙහිදී මෙම අඹු සැමි යුවල ඉතාමත් කම්පාවට පත්ව සිටියේ කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විසින් මෙම දින 10ක් තුළ නීතිමය කරැණු සමඟ ලියවිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම ලබා දී තිබූ ලිපියේ සඳහන් කොට තිබු කාරණාවන් පිළිබඳවයි. එනම්, බිරිඳ ඉතාලි තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයේදී ඉතාලියේ ජිවත් වන සැමියා පිළිබඳ නිවැරදි තොරතුරු සහ විවාහය පිලිබඳ විස්තර, විවාහ වූ දිනය, විවාහ වූ ස්ථානය වැනි තොරතුරු ලබා දීමට අපොහොසත් වූ හෙයින්, මෙම විවාහය ඉතාලියට යාම සඳහා පමණක් සිදු කරනු ලැබු විවාහයක් ලෙස සැලකිය හැකි බව සහ මෙම අඹු සැමි සම්භන්ධය ව්‍යාජ එකක් බවත් වීමයි.
ඉතාලියට යාම සඳහා පමණක් සිදු කරන "විවාහයන්" මූල්‍යමය වශයෙන් සාර්ථක වීම සඳහා උපයෝගී කරගැනීම බහුලව දක්නට ලැබෙන බව ඔබ කවුරුත් දන්නා කරුණක්. එහිදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජයේ දක්නට ලැබෙනුයේ, මුදල් සඳහා, ඉතාලියට පැමිනීම සඳහා, නීතියෙන් විවාහ ගිවිස ගැනීමයි. මෙම ව්‍යාජ විවාහ ගිවිසුම් ඉතාලියේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් අතර සාමාන්‍යය තත්වයක් වී ඇතිමුත් බොහෝමයක් දෙනා මෙම තත්වය අනුමත නොකරන හේතුව, මෙය හේතුවෙන් ශ්‍රී ලාංකික විවාහය හෑල්ලුවට ලක්වීමයි. පුද්ගලයකු, බිරිඳක්, සැමියෙක්, වශයෙන් කොතරම් දුරට සාර්ථකද යන්න පුරුෂයකුගේ සහ ස්ත්‍රියකගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය මනින තවත් එක නිර්ණායක්. සාර්ථකත්වය යනු හුදෙක් වෘත්තීමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන්, මුදල් වශයෙන් ලඟා කරගන්නා දෙයක් පමණක් නොවීම වන අතර පුද්ගලයකුගේ යහපත් අවංක සබඳතා, යහපත් පවුල් ජිවිතය, දු දරුවන්, නෑදෑයන් අතර සබඳතා, මේ සියල්ලම පුද්ගලයකුගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යය කාරණා වනවා. යමෙකු මූල්‍යමය වශයෙන් සාර්ථක වෙනකොට ඔහුගේ හෝ ඇයගේ පවුල දෙකඩ වී දු දරුවන් සී සීකඩ ව දුක් වේදනාවෙන් පසුවන්නේ නම්, නිරන්තරයෙන් පවුල් ජීවිතය අවුල් සහගත නම්, ඔහු හෝ ඇය සාර්ථක පුද්ගලයෙක් යනුවෙන් හැඳින්විය නොහැකියි.
කෙසේ හෝ මෙම අසීරු අවස්ථාවට ඉතා ඉවසීමෙන් සහ බලාපොරොත්තුවෙන් නොසැලෙමින් දෙදෙනා අතර අන්යෝන්ය විශ්වාසය සහ අවභෝධයෙන්, නිර්භීතව මුහුණ දීමට මෙම තරුණ අඹු සැමි යුවල හට තුබූ හැකියාව සුවිශේෂී එකක් බව කිව යුතුයි.
යුග දිවියකට පා තැබු මේ යුවතිපතීන් ඉතාලියේ වෙරෝනා නගරයේ එක වහලක් යට එක සෙවණකට වීම සඳහා බොහෝ වෙහෙසක් දරා හෙම්බත්ව සිටි මුත් අතැඟිලි බැඳුණු මොහොතේ පටන් මියෙන තුරාවට එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරමින් ඔවුනොවුන් කෙරේ පවතින විශ්වාසය හරහා යුග දිවියට වටිනාකමක් ලබා දීම සඳහා ඔවුන් ඇප කැප වී සිටියා.
දින 10ක් තුළ නීතිමය කරැණු සමඟ ලියවිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීමට සාර්ථක නීතිමය පිළිතුරක් අප STUDIO CONSULENTE ආයතනය විසින් ලබා දුන් අතර, එම පිලිතුරද නොසලකා හරිමින් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය අදාළ වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප කරණු ලැබුවා. මෙහිදී කිව යුතු ඉතාම වැදගත් කාරණය වන්නේ මාස 8ක් වැනි කාලයක් තුල ඉතාලි එම්බසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු අදාල වීසා නිකුත් කිරීමට බල කරමින් අදාල අධිකරණයෙන් නියෝගයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා මගපෙන්වීමට අප ආයතනයට හැකි වීමයි. තවද මෙම නඩු විභාගය තුලදී ඉතාලි තානාපති කාර්යාලය විසින් ලබා දෙන වීසා ප්‍රතික්ෂේප කිරීමේ ලිපියේ වරදක් වන, නඩු ගොනු කිරීමේ කටයුතු සඳහා රෝම අධිකරණය සඳහන් කිරීම පිලිබඳ පෙන්වා දීමට හැකියාවද ලැබූනා. ඉතාලි නීතියට අනුව ricongiungimento familiare වීසා ප්‍රතික්ෂේප කිරීම් වලදී අදාල වන ඉතාලි අධිකරණය වන්නේ ඉතාලියේ ජිවත් වන nulla osta al ricongiungimento familiare අයදුම්කරුගේ ස්ථිර පදිංචිය තිබෙන කලාපයේ අධිකරණයයි.
අප සෑම විටම ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉඩකඩ ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන, ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බවත්, ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව අපගේ පුද්ගලික විශ්වාසය බවයි.
Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
Pᴇᴄ. : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
P.IVA 0480676023