පැල තවාන කර්මාන්තය පිළිබඳ නොමිලේ පාඨමාලා
පැල තවාන කර්මාන්තය සඳහා නොමිලේ පාඨමාලාව Lancenigo di Villorba (Treviso) හිදී 2023 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.
මෙම පාඨමාලාවට සහභාගී වීමට පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ ලබන 2023 ජුලි 14 වනදාට පෙර ඉල්ලුම් කල යුතුයි.
පැය 176ක පුහුණුවකට අමතරව ඩිජිටල් ආකාරයෙන් පැය 24ක පුහුණුව සහ Treviso පළාතේ සහ එම ප්‍රදේශයේ පැල තවාන කර්මාන්තයට සම්භන්ධ සමාගම්වල පැය 480ක (මාස 3ක) සීමාවාසික පුහුණුවකින්ද මෙම පාඨමාලාව සමන්විත වනවා.
අදාල සිසුන් පාඨමාලාව සම්පුර්ණ කිරීම සඳහා මසකට අවම පැය ප්‍රමාණයෙන් අවම වශයෙන් 70%ක සහභාගිත්වය සම්පූර්න කල යුතු අතර, සීමාවාසික පුහුණු කාලය සඳහා සිසුන් හට මසකට € 450.00 ක මුදලක්ද ගෙවීමට නියමිතයි.
සම්පූර්ණ පාඨමාලාව අවසානයේ සිසුන්ට හට පැල තවාන කර්මාන්තය පිළිබඳ සහතිකයක් ලැබෙනු ඇති අතර මෙම පාඨමාලාවට සහභාගී වීමට පහත සුදුසුකම් සපුරාලිය යුතුය:
වයස අවුරුදු 30 ට වැඩි වීම;
රැකියා විරහිත භාවය / රැකියා විරහිත භාවය හේතුවේ මුදල් ප්‍රතිලාභීන් වීම (උදාහරණයක් ලෙස ASPI, Mini ASPI, NASPI, ASDI...);
Veneto හි පදිංචිය / වාසස්ථානය;
පාසල් අද්‍යාපනය
රතු වර්ණයෙන් පහත ඇති "ලියාපදිංචි වීමට" හරහා මෙම පිටුවට ප්‍රවේශ වී Operatore Florovivaista පාඨමාලාව තෝරා ඉදිරියට ගොස් අදාල පෝරමය පුරවන්න.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465