සුප්‍රකට ඉතාලි VERSACE ආයතනයේ රැකියා අවස්ථා

විලාසිතා නිර්මාණය යනු යම් නිශ්චිත කාලයක දී සංස්කෘතිකමය හා සමාජීය බලපෑම් යටතේ නිර්මාණය වන ඇඳුම් පැළැඳුම් හා ජීවන රටා උපකරණ සඳහා වූ ව්‍යවහාරික කලාවකි.

ජාන්නි වෙර්සාචේ සමාගම ලෝකයේ ප්‍රධාන පෙලේ ඇඳුම් පැළඳුම් විලාසිතා නිර්මාණ නිෂ්පාධනය කරන ආයතන වලින් එකක් වන අතර එය 1978 දී එහි නිර්මාතෘ  ජාන්නි වෙර්සාචේ විසින් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රධාන මූලස්ථානය ඉතාලියේ මිලානෝ නගරයේ  පිහිටා ඇති අතර මෙම ව්‍යාපාර සමූහය අද වන විට දොනතෙල්ලා වෙර්සාචේ ගේ  කලාත්මක මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වනවා. 

දොනතෙල්ලා වෙර්සාචේ ජාත්‍යන්තර මට්ටමින් ඉතාලියේ නිෂ්පාදිත සුඛෝපභෝගීත්වයේ සංකේතය ලෙස හැන්දින්වෙන අතර "ජෙලිෆිෂ්" සත්වයාගේ චායාරුව ඇති ලාංඡනයද එය ඉතා හොඳින් සංකේතවත් කරනවා.

2019 වසරේ සිට මෙම සමුහ ව්‍යාපාරය කැප්‍රි හෝල්ඩින්ග්ස් ලිමිටඩ් හි කොටසක් බවට පත් වූ අතර මයිකල් කෝර්ස් සහ ජිමී චූ යන වෙළඳ නාම සමඟ එක්ව නව සුඛෝපභෝගී හිමිකමක් නිර්මාණය කරනු ලැබුවා. 

වෙර්සාචේ සමූහය උපාංග, ආභරණ, ඔරලෝසු, ඇස් කණ්ණාඩි, සුවඳ විලවුන්, හොට් කෝචර්, ඇඳුම් සඳහා උපාංග සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධාකාර ඇඳුම් සහ ජීවන රටා  සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණයෙහි ක්‍රියාකාරී ආයතනයක්. එය දැනට බුටික් 230 කට අධික සංඛ්‍යාවක සහ ලොව පුරා බලයලත් අලෙවිසැල් 638 කට අධික සංඛ්‍යාවක අලෙවි ජාලයක හිමිකාරිත්වයක් දරනවා.

වෙර්සචේ යනු විලාසිතා ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන විශාලතම ගෝලීය කණ්ඩායම් වලින් එකක් වන අතර එහි සේවකයින්ට ජාත්‍යන්තර, බහු-වාර්ගික සහ විවිධත්වයට හිතකර වෘත්තීය සන්දර්භයක් තුළ තම රැකියව කිරීමට අවස්ථාව ලබා දෙන අතර එමඟින් වෘත්තීමය වශයෙන් වර්ධනය වීමට සහ වෘත්තීය ජීවිතය සඳහා ස්ථිර අවස්ථා සහතික කර ගැනිමටද  මෙම ආයතනය විසින් පහසුකම් සකසා දෙනවා. 

ඉතාලියේ වෙළඳසැල්වල සහ මිලානෝ නගරයේ මූලස්ථානයේ මේ වන විට සේවකයින් බඳවා ගැනීම ආරම්භ කොට තිබෙන අතර Versace ආයථානයන්හි  සේවය කිරීමට කැමති ඔබටත් පහත සඳහන් රැකියා සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා. 

MILANO

  • Sales Associate;
  • Store Director;
  • E-commerce & Omnichannel Data Analyst;
  • E-Commerce Business Analyst & Tester;
  • Manager Compliance;
  • Digital Project Manager;
  • Global Store Design Manager;
  • IT Ecommerce Specialist;
  • Procurement & General Services Manager;
  • LG Product Associate Manager;
  • Retail Merchandising Senior Manager Women Categories;
  • Consolidated Financial Statements Controller;
  • Social Media Intern;
  • Interior Design Intern;
  • Internal Communications Design Intern;
  • Jewelry Design Intern;
  • Brand Partnership & Retail Marketing Intern;
  • Merchandising Intelligence Intern;
  • Childrenswear Merchandising Intern;
  • Global Retail Merchandising Intern;
  • Sustainability Intern.

NOVARA

  • Financial Inventory Controller;
  • Sustainability & Product Compliance Manager;
  • RTW Administration Intern.

ALTRE SEDI

  • Assistant Store Manager – Serravalle Scrivia (Alessandria), Noventa di Piave (Venezia);
  • Sales Associate – Venezia, Roma, Firenze.

 

Versace ආයතනයේ රැකියවන් සඳහා online අයදුම් කල යුතුයි.

 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it 

 සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

Il responsabile della protezione dei dati conformemente al Regolamento generale sulla protezione dei dati e alle leggi nazionali sulla privacy è il titolare Sameera Isanka Ponnamperuma n. P.IVA 04806760239 - Ruolo periti ed esperti C.C.I.A.A. di Verona n. 611. - Sede di Verona: Vicolo Volto S. Luca n. 18 Verona 37122 (VR) - Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 - Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma - Cell: +393476660465 - Tel: 0459641873  E-mail: info@studioconsulente.it -  Pec: studioconsulente@pec.it  © Copyright. Tutti i diritti riservati.

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.