Sentenza ricongiungimento fam

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ අසාධාරණයට විරුද්ධව
 ඉතාලියේ රෝම නගරයේ ශ්‍රී ලාංකික මවකගේ සටන.

ඉතාලියේ ජීවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම මවු බිමේ වෙසෙන ආදරණීය දරුවන් තමන් සමීපයට ගෙන්වා ගැනීමේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය තුල (ricongiungimento familiare) කොළඹ ඉතාලි තානාපති කාර්යාලය තුල ඉතාමත් අවාසනාවන්ත ලෙස විවිධ අසාධාරණ වලට ගොදුරු වන බව මේ වන විට කවුරුත් දන්නා කරැණක් වූවත් බොහෝ විට මෙම අසාධාරණකම් වලට විරුද්ධව නැගී සිටීමට ඉදිරිපත් වීමට බොහෝ දෙනෙකු තවමත් මැලි වනවා.

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ අසාධාරණයන්ට එරෙහිව නීතිය ඉදිරියට යාම සඳහා අප නීති ආයතනයන් වෙත මේ වන විටත් දෙමාපියන් කිහිප දෙනෙකු යොමු ව තිබෙන අතර ඒ හේතුවෙන් මෙම ගැටලු ගැඹුරින් අධ්‍යනය කිරීමට හා මෙම අසාධාරණයන්ට විරුද්ධව ඉතාලි අධිකරණය ඉදිරියට යාමට අප හට අවකාශය ලැබුනා.

සියලුම  සුදුසුකම් ඇති වුවද තම දරැවන් ඉතාලියට ගෙන්වා ගැනීමට නොහැකිව හැඩූ කදුලින් කල් ගෙවීමට සිදු වන ඉතාලියේ රැකියාවන්හී නිරතවන දෙමාපියන්ගේ කදුළු කතා වලින් තවත් එකක් අද ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප තීරණය කලා.

සෑම මවක්ම සහ පියෙක්ම තම දරැවන්ට අසීමිතව ආදරය කරනවා යැයි කීවොත් ඔබ 
එකග වේ යැයි සිතනවා. ඒ වගේම දෙමාපියන් සහ දරැවන් අතර තිබෙන ඒ බැදීම කොන්දේසි විරහිත අව්‍යාජ සම්බන්ධයක් යැයි කීවොත් ඔබ එයටද එකග වේවි.

මේ කතාවත් එවැනි ඉතාලියේ රෝම නගරයේ ජීවත් වන තම දරැවාට අසීමිතව ආදරය කරන තවත් මවක් පිළිබඳවයි.

එක්තරා දිනකදී අප හමුවීමට රෝම නගරයේ studio consulente කාර්යාලය වෙත කදුලු සලමින් එක්තරා කාන්තාවක් (නම පැවසිය නොහැකි) පැමිණියා.

මේ කාන්තාව වෙවුලමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජීවත් වන තම එකම දරැවා ගෙන්වා ගැනීමට රොමයේ Prefettura ආයතනය හරහා Nulla osta ලබාගත් නමුත් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය විසින් අසාධාරණ ලෙස වීසා අයදුම් කිරීමට අවස්ථාව නොදුන් බවත්, Nulla osta මාස 6 කල් ඉකුත් වූ බවත්, තම එකම පිරිමි දරැවා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ බවත්, හා ඒ හේතුවෙන් නැවත Nulla osta අයදුම් කල නොහැකි බවත්.

ඉන්පසු රෝම නගරයේ  Studio Consulente ආයතනය හරහා ඉතාලි එම්බසිය නීතිමය කරැණු සහිත ලිපි සහ pec 3ක් හරහා දැනුවත් කිරීමේන් සහ අනතුරු ඇගවීමෙන් පසුව කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට විරුද්ධව ඉතාලියේ රෝම අධිකරණයෙහි අප නීති ආයතන හා සම්බන්ධ නීතිඥවරුන් විසින් නඩු ගොනු කරනු ලැබුවා.

පසුගිය 2022 මැයි 13 වනදා  ඉතාලියේ රෝම අධිකරණය විසින් කල් ඉකුත් වූ අදාල Nulla osta භාරගන්නා ලෙසත් වීසා ලබා දීම විධිමත් කරන ලෙසත් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය යටත් වන ඉතාලියේ විදේශ කටයුතු අමත්‍යාංශය හට අදාල රෝම අධිකරණයේ විනිසුරුවරිය නියෝග කරනු ලැබුවා.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉඩකඩ ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන, ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බව මෙයින් නැවතත් මතක් කිරීමට කැමතියි.

ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව අපගේ පුද්ගලික විශ්වාසයයි.


- [ ] STUDIO CONSULENTE Sameera Ponnamperuma www.studioconsulente.it
- [ ] Ital Lanka Associazione Onlus 
+39 388 6279735
©️ copyright, all rights reserved 
Legge sulla protezione del diritto d’autore n. 633 del 22.04.1941
È vietata qualsiasi utilizzazione, totale o parziale dei contenuti senza previa autorizzazione di Ital Lanka Associazione Onlus.

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.