ඉතාලියේ "Protezione Speciale" අහෝසි වෙයිද?

ඉතාලියේ "Protezione Speciale" අහෝසි වෙයිද? 

"Protezione Speciale" හෙවත් විශේෂ ආරක්ෂාව සහ "Casi Speciali" හෙවත් විශේෂ අවස්ථා යනු කුමක්ද?

විශේෂ ආරක්ෂාව "Protezione Speciale" සහ "Casi Speciali" විශේෂ අවස්ථා ඉතාලියේ සංක්‍රමණ නීතියට අනුව ඉතාලියේ රැඳී සිටීම සඳහා ඉතාලියේ පසුගිය "Salvini" ආණ්ඩුව විසින් හඳුන්වාදෙනු ලැබු  ඉතාලියේ  පදිංචිය සඳහා  බලපත්‍ර වන අතර මේවා ලබා දෙනු ලබන්නේ තමන් උපන් රටෙහි, ලිංගික, ආගමික හෝ වාර්ගික හේතූන් මත මානුෂික හිංසා පීඩාවලට ලක්වන විදේශිකයින්ට යි. 

ඉතාලියේ සංක්‍රමණිකයන් සඳහා ලබා දෙනු ලබන මෙම විශේෂ ආරක්ෂාව Protezione Speciale ඉවත් කිරීමට මේ දින වල මෙලෝනි රජයේ බහුතරයක් යෝජනා කොට  ඇති අතර, එය සඳහා පසු ගිය දින වල සෙනෙට් සභාවේදී බහුතර කණ්ඩායම් විසින් සිදු කල සාකච්චාවන් ඉතාලි පුවත් වාර්තා කලා. 

අදට වලංගු වන ඉතාලි සංක්‍රමණ නීති සංග්‍රහයට අනුව  යම් විදේශිකයෙකුට  "බරපතල හේතු, විශේෂයෙන් මානුෂීය ස්වභාවයක් හෝ ව්‍යවස්ථාපිත හෝ ජාත්‍යන්තර බැඳීම් හේතුවෙන් ඇති වූ හේතුවක්" තහවුරු වීමත් සමඟ මේවා ලබා දෙනු ලබනවා. 

 

"Protezione Speciale" හෙවත් විශේෂ ආරක්ෂාව

විශේෂ ආරක්ෂාව "Protezione Speciale" වසර 2ක හෝ  වසරක ඉතාලියේ  පදිංචිය සඳහා බලපත්‍රයක් වන අතර එය ජාත්‍යන්තර ආරක්ෂාව ලබා ගත නොහැකි හෝ තවමත් ලබාගෙන නොමැති සරණාගතයින් සඳහා නිකුත් කරනු ලබනවා. 

සුවිශේෂී කාරණය වන්නේ මෙම විශේෂ ආරක්ෂාව "Protezione Speciale" වසර 2ක හෝ  වසරක ඉතාලියේ පදිංචිය සඳහා බලපත්‍රය Permesso di soggiorno per motivi di lavoro එනම් රැකියාවක් සඳහා බලපත්‍රයක් බවට පරිවර්තනය කළ හැකි වීමයි. 

 

"Casi Speciali" හෙවත් විශේෂ අවස්ථා

"විශේෂ අවස්ථා" සඳහා පදිංචි බලපත්‍රය පහත සඳහන් අවස්ථා වලදී නිකුත් කෙරේ:

1. වහල් සේවයට ගොදුරු වූ පුද්ගලයින්ට නිකුත් කරනු ලබන්නේ  "විශේෂ අවස්ථා" Casi Speciali යන ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රයයි. මෙම පදිංචි බලපත්‍රය මාස හයක කාල සීමාවකට ලබා දෙනු ලබන අතර සැලකිය හැකි  හේතූන් මත වසරකට හෝ ඊට අධික කාලයක් සඳහා අලුත් කළ හැකියි. ඉතාලි රජය විසින් තහවුරු කරන ලද වැඩසටහන් වලට සහභාගී නොවීමේ අවස්ථාවන්හිදී  හෝ නොගැලපෙන හැසිරීමකදී "Questore" විසින් අවලංගු කරනු ලැබේ.

2. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහාද ලබා දෙනු ලබන පදිංචි බලපත්‍රය, Casi Speciali වසරක කාලසීමාවකට වන අතර ඉතාලියේ සුබසාධන සේවාවන්  හට ප්‍රවේශ වීමට මෙම බලපත්‍රය ඉඩ සලසයි. මෙම බලපත්‍රයද රැකියා හෝ ස්වයං රැකියා හේතූන් මත අදාල පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කළ හැකිය.

3. තුන් වන කාණ්ඩයේ "විශේෂ අවස්ථා" Casi Speciali  පදිංචි බලපත්‍රය මාස හයක වලංගුභාවයක් ඇති අතර තවත් වසරකට හෝ ඊට දිගු කාලයක් සඳහා අලුත් කළ හැක;  නොගැලපෙන හැසිරීමකදී මෙම පදිංචි බලපත්‍රය අවලංගු කල හැකි අතර කල් ඉකුත් වූ පසු  රැකියා සඳහා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කළ හැකිය.

 

මෙලෝනි රජය "Protezione Speciale" හෙවත් විශේෂ ආරක්ෂාව  අහෝසි කිරීමට යෝජනා කොට ඇත්තේ ඇයි?

මෙයට ප්‍රධාන හේතුව වන්නේ 2022 වසරේදී දී, විදේශිකයින් 10,865 ක් විශේෂ ආරක්‍ෂාවේ ප්‍රතිලාභීන් වීම සහ,  ඉතාලියේ සරණාගත භාවය පිලිබඳ අයදුම්පත් 2021 වසරට සාපේක්ෂව 5% කින් ඉහළ යාමයි

එමෙන්ම සරණාගතයින් සඳහා වන ඉතාලි කවුන්සිලයේ නවතම වාර්තාවේ දත්ත වලට අනුව, 2022 වසරේදී ඉතාලියේ  ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා ඉල්ලුම් පත්‍ර 52,625 ක් ඉතාලියේ විභාග කරන ලද අතර ප්‍රතික්ෂේප කිරීම් 53% (27,385) වූ අතර මෙහිදී අයදුම්කරුවන්ගෙන් 21%කට විශේෂ ආරක්ෂාව (10,865) Protezione Speciale ලබා දීමද ප්‍රධාන හේතුවක් වනවා. 

(දත්ත මූලාශ්රය: Eurostat).

--------------------------------------------------------------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma


E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය  Cell: 3476660465  

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.