Preavviso di Rigetto හී නව නෛතික රාමුව (2022)
ඉතාලි රජයේ ආයතන විසින් දින 10ක් තුළ කරැණු ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම Preavviso di Rigetto හී නව නෛතික රාමුව.
මා සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ඉතාලියේ ජීවත් වන ලාංකිකයින් බොහෝ දෙනෙකු හට ඉතාලි රජයේ විවිධ ආයතනයන් විසින්, Prefettura ආයතනය, Questura ආයතනය වැනි ආයතන මෙන්ම, විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින් බොහෝ දෙනෙකු හට කොළඹ ඉතාලි එම්බසිය වැනි ආයතන විසින් දින 10ක් තුළ නීතිමය කරැණු සමඟ ලියවිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම ලබා දී තිබූනා.
එම දැනුම් දීම් වලට අදාල නීතිමය කරැණු අධ්‍යයනයකින් අනතුරුව පිලිතුරු ලබා දීම සඳහා මාගේ සේවය සපයන රෝම නගරයේ සහ වෙරෝනා නගරයේ නීති උපදේශන ආයතනයන් හා ඉතාලියේ විවිධ නගර වලින් ලාංකිකයන් සම්බන්ධ වූවා.
මෙහිදී විශාල වශයෙන් ඉතාලි පුරවැසිභාවය Cittadinanza අයදුම් කිරීම, ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය Permesso di soggiorno අලුත් කිරීම, ඉතාලියේ පවුල් නැවත එක්වීම Ricongiungimento familiare ඉල්ලුම් කිරීම, ඉතාලි වීසා අයදුම් කිරීම Domanda di visto, ඉතාලියේ අනවසරයෙන් රැදී සිටින්නන් නීති ගත කිරීම Domanda di Emersione lavoro nero, වැනි ඉල්ලුම්පත්‍ර සදහා දින 10ක් තුළ කරැණු ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම Preavviso di Rigetto ලැබූනු අය වනවා.
මෙහිදී කිව යුතු විශේෂ කාරණය වන්නේ ඉහත කී බොහෝ දෙනෙකු තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලුම්පත්‍ර සම්බන්ධ නීතිමය ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පරස්පර විරෝධී තොරතුරු වලින් කැලඹී සිටීමයි.
Ital Lanka Facebook පිටුව හරහා 2017 වර්ශයේ සිට ඉතාලියේ ජීවත් වන ඔබ සියලු දෙනා ඉතාලි සහ යුරෝපා හවුලේ නීතින් සහ එම නීති පද්ධතීන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීමට මා විසින් සිංහල භාශාවෙන් විවිධ සටහන් පලකරනු ලැබූවා.
දිනෙන් දින පරිණාමය වන සමාජය හා සංස්කෘතික වටපිටාවක ලෝකයේ සියලුම රටවල් වල නීතීන් මෙන්ම ඉතාලි රජයේ නීතිය සහ යුරෝපයේ නීතියද ඒවාට සමගාමීව විවිධ වෙනස් වීම් වලට නිරන්තරයෙන් භාජනය වනවා. එම වෙනස් වන නීතින් පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීම හා එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදු විය හැකි ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තුළින් එම ගැටලු විසදා ගැනීමට කෙසේ වෙතත් එම ගැටලු උග්‍ර වීම හෝ වලක්වා ගැනීමට නම් ආරම්භයේ සිටම තමන් විසින් සිදු කරන්නාවූ දෙය පිළිබඳ මූලික අවබෝධයක් මෙන්ම අවධානයක් තිබීම ඉතාම වැදගත් බව මාගේ පෘද්ගලික විශ්වාසයයි.
ඉතාලි රජයේ ආයතන විසින් දින 10ක් තුළ කරැණු ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන්නාවූ දැනුම් දීම එනම් Preavviso di rigetto පිළිබඳව 2019 අගෝස්තු 17 වනදාත් සටහනක් පල කරනු ලැබුවා.ඒ සම්බන්ධයෙන් පල කරුනු ලැබූ ලිපිය පහත සදහන් වේ.
https://www.facebook.com/10000.../posts/2102879886530312/.... නමුත් එම සටහන තුල සඳහන් කරැනු වලට අමතරව සඳහන් කල යුතු කාරණය වන්නේ 2020 සැප්තැම්බර් 11 අංක 120 දරන නීතිය මගින් දින 10ක් තුළ කරැණු ඉදිරිපත් කිරීම Preavviso di rigetto හෙවත් ඉල්ලුම් පත්‍රය ප්‍රරතික්ෂේප කිරීමට පෙර ලබා දෙන්නාවූ දැනුම් දීම පිළිබඳ නීතිය සංශෝධනය කරනු ලැබූ බවයි.
එම සංශෝධනයට අනුව අදාල ආයතනයන් අදාල අයදුම්පත්වල නිවැරදි භාවය සහ ඒවා සම්පූර්ණද යන්න මෙන්ම ඒවා අදාල නීතින් යටතේ සුදුසුකම් සපුරා තිබේද යන්න පිළිබඳ හොඳින් නිරීක්ෂණය කරනු ලබන අතර යම් කිසි අඩුපාඩුවක් ඇතහොත් ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ දැන්වීම මගින් අදාල අයදුම් කරැ හට දැනුම් දෙනු ලබනවා.
තවද මෙවැනි ඉල්ලුම් පත්‍ර සඳහා අදාල පිලිතුරු ලබා දීමේ කාල සීමාව එනම් දින 10න් පසුව අදාල දවස් 90ක සාමාන්‍යය නීතියෙන් ලබා දෙන කාලය මුල සිට ගනනය වන්නේ නෑ.
එහි සරල අර්ඵය නම් දින 10 ක් ඇතුලත අදාල නීතිමය කරුනු හා ලේඛන ඉල්ලා ඇති විට එම ලේඛන අදාල ආයතන වලට ලැබුනු පසු අයදුම්පත්‍රය (Permesso di soggiorno, Nulla osta, Visto di Ingresso per motivi familiari, ecc...) මුල සිට අධ්‍යායනය නොකල යුතු බවයි.
අදම Studio Consulente කාර්යාල අමතා පරිපාලන හා සංක්‍රමණ නීති උපදේශකයින් සමඟ සම්බන්ධ වී දින 10 ක් ඇතුලත අදාල නීතිමය කරුනු හා ලේඛන ඉදිරිපත් කිරීම් සඳහා නීතිමය සහය ලබා ගන්න.