ඉල්ලා අස්වුවහොත්, Naspi හෙවත් විරැකියා ප්‍රති

ඉල්ලා අස්වුවහොත්, Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ අයිතිය තිබෙනවාද?

ඉතාලියේ රැකියාවක නිරත වන ශ්‍රමිකයකු රැකියාවෙන් Dimissione, එනම් ඉල්ලා අස්වුවහොත්, Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ අයිතිය තිබෙනවාද?

ඉතාලි නීතියට අනුව ඕනෑම සේවකයෙකුට ඕනෑම වේලාවක තම සේවා ස්ථානයෙන් Lettera di dimissione හෙවත් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිය හැකියි. නමුත් එවැනි ඉල්ලා අස්වන අවස්ථාවක Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ අයිතිය ලැබෙනවාද යන්න බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයක්. ප්‍රධානම වශයෙන් කිව යුතු වන්නේ ඉතාලි නීතියට අනුව Naspi හෙවත් INPS ආයතනය විසින් ලබා දෙනු ලබන විරැකියා ප්‍රතිලාභ මුදල් ඉල්ලුම් කිරීම සඳහා වන සුදුසුකම් අතර අදාල රැකියා විරහිතභාවය එම ශ්‍රමිකයාගේ වරදක් හේතුවෙන් සිදු නොවී තිබීම ඉතාම වැදගත් කාරණයක් වන අතර රැකියා විරහිත පුද්ගලයා හට නව රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය වන කාලය තුල ජීවත් වීමට මෙම මාසික මුදල් ලබා ගැනීම සේවක අයිතිවාසිකමක් ලෙසද ඉතාලි කම්කරු නීති රාමුව තුල පිලිඹිබු වනවා.

මෙම Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් අදාල රැකියාවෙන් Licenziamento හෙවත් අස් කිරීම මත මෙන්ම සාධාරණ හේතුවක් මත අදාල ශ්‍රමිකයාගේ ඉල්ලා අස්වීමේදී, එනම්, Dimissione අවස්ථාවකදීද ලබා ගැනීමට අයිතියක් තිබෙනවා

අදාල ශ්‍රමිකයාගේ ඉල්ලා අස්වීමේදී, එනම්, Dimissione ලබා දුන් අවස්ථාව සාධාරණ හේතුවක් වීම ඉතාම වැදගත්. එනම්:

1. සේවායෝජකයා බරපතල හැසිරීමක් අනුගමනය කර ඇති විට, (පහරදීම්, මානසික හිංසන, ලිංගික හිංසන වැනි),

2. උදාහරණයක් වශයෙන් සේවකයාට වැටුප ලබ නොදෙන අවස්ථාවන් හීදී හෝ එය ප්‍රමාද කිරීමේදී (මාස දෙකක්වත්),

3. සේවායෝජකයා සේවකයාගේ Inps ගෙවීම බැහැර කරන අවස්ථාවන් හීදී,

4. සේවකයාට ශාරීරිකව, මානසිකව හෝ කායිකව පීඩා සිදු කිරීම: නිදසුනක් වශයෙන්, නිතර නින්දා කිරීම, සාධාරණ හේතුවක් නොමැතිව Ferie නිවාඩු ප්‍රතික්ෂේප කිරීම වැනි,

5. ලිංගික හිරිහැර: නිදසුනක් වශයෙන්, කාන්තාවකගේ ශාරීරික පෙනුම පිලිබදව අනවශ්‍ය ලෙස ඇගයීමට ලක් කිරීම්, අනවශ්‍ය යෝජනා, වැනි දේ,

6. සේවා ස්ථානයේ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පියවර නොගැනීම, නිදසුනක් වශයෙන්, හිස්වැසුම්, අත්වැසුම් නොමැතිව හෝ විශේෂයෙන් අවදානම් ලෙස රැකියාව කිරීමට සිදුවන කම්කරුවන්,

7. සේවායෝජකයාගේ නීති විරෝධී ක්‍රියාවන්, නිදසුනක් වශයෙන්, සේවකයා හට සොරකම් කිරීමට ඉල්ලා සිටින්නේ නම්,

8. අවශ්‍යතාවයකින් තොරව සේවකයා වෙනත් ස්ථානයකට මාරු කිරීම.

Naspi ට හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් වලට අමතරව, සාධාරණ හේතුවක් නිසා ඉල්ලා අස්වන සේවකයාට සේවා යෝජකයා විසින් පහත සඳහන් මුදල්ද ලබා දිය යුතුයි.

* Ferie නිවාඩු මුදල්;

* Tredicesima, quattoridicesima, දහතුන්වන සහ දහහතරවන වැටුප් ;

* රැකියාව අවසානයේ ලබා දිය යුතු මුදල් (TFR);

* indennita' di preavviso දැනුම්දීම වෙනුවට දීමනාව

රැකියාවෙන් Dimissione, එනම් ඉල්ලා අස්වුවහොත්, Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් අයදුම් කිරීම සඳහා:

1. අදාල සේවකයා ministero del Lavoro e delle Politiche Sociali වෙබ් අඩවියට තම පුද්ගලික Spid හරහා යොමු වී අදාල පොරමය පිරවිය යුතු අතර "සාධාරණ මත ඉල්ලා අස්වීම" එනම් opzione “dimissioni per giusta causa” විකල්පය තෝරා ගැනීමට වග බලා ගත යුතුයි.

2. ඉන් පසු INPS වෙබ් අඩවිය හරහා තම පුද්ගලික Spid හරහා Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම සිදු කල යුතුයි.

විශේෂයෙන් සදහන් කල යුතු කරැනක් වනුයේ, Lettera di dimissione හෙවත් රැකියාවෙන් ඉල්ලා අස්වීමට පෙර සේවා යෝජකයා හා අදාළ ආයතන දැනුවත් කර තිබීම,INPS ආයතනය විසින් Naspi හෙවත් විරැකියා ප්‍රතිලාභ මුදල් ලබා දීමේදී සැලකිල්ලට ගන්නා බවයි.

නොමිලේ   වැඩි විස්තර  දැනගැනීමට   හෝ  කාලය වෙන් කරවා ගැනීමට අමතන්න 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 09.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

 +39 3476660465
+39 3886279735

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.