ඉතාලියේ Leroy Merlin ආයතනයේ ගබඩා සේවක රැකියා
Leroy Merlin යනු යුරෝපයේ සුප්‍රකට විශාල මහා පරිමාණ සිල්ලර වෙළඳාමේ දැවන්ත සමාගමක් වන අතර එය ප්‍රංශ සමාගමක් වනවා.
මෙම වෙළඳසැල් වලින් ඉදිකිරීම්, ගෙවතු වගාව, සැරසිලි සහ නානකාමර ගෘහ භාණ්ඩ වැනි විවිධ භාණ්ඩ විශේෂ මිල ගනන් වලට මිලදී ගැනීමට හැකියව තිබෙනවා.
මෙම සමාගම උපත ලැබුවේ 1923 වර්ෂයේදී දී ප්‍රංශයේ මුල් වරට විවුර්ත කරනු ලැබු Adolph Leroy සහ Rose Merlin යුවලගේ වෙළඳසැල ලෙසයි.
මේ වන විට මෙම සමාගම අයත් වන්නේ යුරෝපයේ Gruppo Adeo ආයතනයට වන අතර, මහා පරිමාණ බෙදාහැරීමේ අංශයේ ක්‍රියාකාරී ප්‍රධාන සමාගම් සෘජුවම කළමනාකරණය කරන, බලයලත් හෝ ආශ්‍රිත වෙළඳසැල් 450 කට අධික ජාලයක් මෙම සමාගම සතු වනවා.
Bricocenter, Bricoman, Dompro, Weldom සහ Kbane වැනි අනෙකුත් ප්‍රසිද්ධ වෙළඳ නාම අයත් වන්නේත් මෙම යුරෝපයේ Gruppo Adeo ආයතනයටයි.
Leroy Merlin යනු 1996 සිට ඉතාලියේ ස්ථාපිත කරන ලද Leroy Merlin Italia srl සමාගම වන අතර සමාගමේ ඉතාලියේ මූලස්ථානය Milano මිලානෝ Rosano රොසානෝ හි පිහිටා ඇත.
ඉතාලියේ පළමු වෙළඳසැල Solbiate Arno (VA) හි විවෘත කරනු ලැබු අතර අද වන විට එය ඉතාලිය පුරා වෙළඳසැල් 50 කට අධික ප්‍රමාණයකින් යුක්ත අතර අතර මෙම ආයතනයේ සේවකයින් 8,000 ක් පමණ සේවය කරයි.
ඉතාලියේ නිත්‍යානුකුලව ජිවත් වන ඔබ "Leroy Merlin" ආයතනයේ ගබඩා සේවක "Magazziniere" රැකියා අවස්ථා සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා අදාල වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් සිදු කල හැකියි.
--------------------------------------------------------------------------------------------------------
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
Sameera Ponnamperuma STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192
Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර)
දුරකතන අංකය Cell: 3476660465