ඉතාලියේ Lamborghini ආයතනයේ රැකියා
Automobili Lamborghini SpA යනු ලෝකප්‍රසිද්ධ මෝටර් රථ ආයතන අංශයේ ඉතාලි ආයතන සමුහයකි.
මෙම ආයතනයේ මුලස්ථානය ඉතාලියේ Bologna නගරය ආශ්‍රිත Sant'Agata Bolognese හි පිහිටා ඇති අතර "Lamborghini" වෙළඳ සන්නාමය අද ලෝකයේ ඉහලම ඉල්ලුමක් ඇති සුපිරි ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදනයන් වනවා.
Lamborghini මෝටර් රථ ආයතනය ඉතාලියේදී උපත ලබන්නේ ඉතාලි ජාතික ව්‍යවසායකයෙකු වන Ferruccio Lamborghini ෆෙර්රුච්චෝ ලැම්බෝර්ගීනිගේ කෘෂිකාර්මික ට්‍රැක්ටර් කම්හලක් ලෙස 1948 වර්ෂයේ දී.
වසර කිහිපයකට පසු amborghini මෝටර් රථ ආයතනය සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය වන අතර 1963 වසරේ දී ෆෙර්රුච්චෝ ලැම්බෝර්ගීනි විසින් Automobili Ferruccio Lamborghini සමාගම ආරම්භ කරනු ලැබුවා.
Lamborghini සන්නාමය ලොව පුරා අලෙවි නියෝජිතයන් 165 කින් සමන්විත වන අතර, Miura, 350GT, Espada, Countach, Diablo, Murciélago, Reventón, Reventón Roadster, Aventador සහ Gallardo ඇතුළුව සන්නාමයේ සුවිශේෂී මෝටර් රථ විශාල ප්‍රමාණයක් මේ වන විට වෙළඳ පොලේ දක්නට ලැබෙන අතර මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 1900 ඉක්මවයි.
1998 වසරේ සිට මෙම සමාගම සම්පූර්ණයෙන්ම Audi සතු වන අතර එය Volkswagen සමූහයේද කොටසකි.
ඉතාලියේ "Lamborghini" ආයතනයේ රැකියා වලට අයදුම් කිරීමට කැමති ඔබ සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේ CV ඇතුළත් කල හැකියි
ආයතනයේ වෙබ් පිටුවේ තරුණ දක්ෂයින් සොයා යාම සහ ඔවුන් හමුවීම සඳහා ඉතාලි විශ්ව විද්‍යාලවල සංවිධානය කරන වෘත්තීය දිනවලට අදාළ නියමිත දිනයන්ද පල කරනු ලබනවා.
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා පහත රතු පැහැයෙන් සඳහන් "අයදුම් කරන්න" ට පිවිසිය හැකියි.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465