ඉතාලියේ Hilton-හෝටල් සේවකයින් 200ක් බඳවා ගනී 

Hilton Worldwide (පෙර නාමය Hilton Corporate) යනු ලොව පුරා ව්‍යාප්තව තිබෙන විශාලතම හෝටල් ජාලයකි.


1919 දී ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද මෙම හෝටල් ජාලය NYSE කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති අතර දැන් ලොව පුරා රටවල් 123 ක පවතී. Hilton සමූහය , Motto by Hilton, Waldorf Astoria, Conrad, Embassy Suites, Canopy, Hilton Garden Inn සහ තවත් බොහෝ වෙළඳනාම 18 කට අයත්, මද්‍යම සිට ඉහළ මට්ටමේ හෝටල්, නිවාඩු නිකේතන සහ නවාතැන් පහසුකම් විශාල ප්‍රමාණයක් කළමනාකරණය කරයි.


ඉතාලියේ දැනට Hilton Group හෝටල් ජලයට අයත් හෝටල් 31ක් ඇති අතර ආසන්න වශයෙන් ඉතාලියේ පුද්ගලයන් 2900ක් පමණ සේවය කරති.

ඉතාලියේ හිල්ටන් සමූහය 2023 ගිම්හාන සමය සඳහා රැකියා සඳහා බඳවා ගැනීමට සේවකයින් 200 ක් තෝරාපත් කරගැනීමට නියමිතයි.  මේ අතර අරක්කැමියන්, වේටර්වරුන් සහ බාර්ඩෙන්ඩර්වරුන් වැනි මුළුතැන්ගෙයි සහ ආහාරපාන පිලියල ඉරීම් වැනි කටයුතුවල යෙදිය යුතු පුද්ගලයින් සහ පිළිගැනීමේ නිලධාරීන්, දොරටු පාලකයන්, වේටර්වරුන් වැනි ආගන්තුක සත්කාර සහ පහසුකම් කළමනාකරණයේ යෙදවිය යුතු පුද්ගලයින් තෝරාපත් කරගැනීමට නියමිතයි.

ඉතාලියේ  හිල්ටන් හෝටල් සමුහයේ රැකියා සඳහා අයදුම් කිරීමට අදාල  වෙබ් අඩවියේ  පිටුවට පිවිසිය හැකි අතර CV ඉදිරිපත් කිරීමට සුදුසු පෝරමය පුරවා අයදුම් කල හැකියි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.