ගිම්හාන සමයේ ඉතාලි Colfගේ ස්ථාන මාරුව
ඉතාලි නීතියට අනුව යම් කාල සීමාවක් සඳහා "Colf" ගෘහ සේවක/සේවිකාවන්ගේ රැකියා ස්ථානය මාරු කිරීම රැකියාවට බඳවා ගැනීමේ ලිපියේ "lettera di assunzione"හි සඳහන් කළ යුතු වන මුත් එය අනිවාර්ය නොවේ.
රැකියාවට බඳවා ගැනීමේ ලිපියේ "lettera di assunzione"හි මේ පිළිබඳව සඳහනක් නොමැති වුවද අදාල රැකියා යෝජිතයා හට එවැනි ඉල්ලීමක් සේවකයා හට යොමු කල හැකියි. .
ගෘහ සේවකයාට එනම් Colf ට නිවාඩු කාලය තුළ අදාල පවුල සමඟ වෙනත් ස්ථානයකට ගමන් කිරීමට ඔහුගේ හෝ ඇයගේ නිවාඩුව "Ferie" තෝරාගෙන ඇති කාලයට වෙනස් කාල පරිච්ඡේදයකදී සිදු විය යුතු බවද කිව යුතුයි.
තවද, රැකියා ගිවිසුමේ, රැකියාවට බඳවා ගැනීමේ ලිපියේ "lettera di assunzione"හි, මෙම ස්ථානය මාරු කිරීම පිලිබඳ සඳහන්කොට නොමැති නම් අදාල සේවකයාට දෛනික දීමනාවක් (එනම් අතිරේක මුදලක්) අවම වශයෙන් දෛනික වැටුපෙන් 20%කට ඉහල මුදලක් ලබා දිය යුතු අතර නිවාඩු කාලය සඳහා ස්ථානය මාරු කිරීම රැකියා ගිවිසුමේ, රැකියාවට බඳවා ගැනීමේ ලිපියේ "lettera di assunzione"හි, සඳහන් කොට ඇති නම් අදාල වැටුප වැඩි වීමක් සිදු නොවේ.
කෙසේ වෙතත්, විවේක කාලය, නිවාඩු දිනවල සේවය කිරීම, අමතර පැය සේවය කිරීම, වැනි කරුණු නිවසින් බැහැරව සිදු කරන සේවා කාලය සඳහාද වලංගු වනවා.
අවසාන වශයෙන් ගෘහ සේවක/ සේවිකාව විසින් දරනු ලබන ඕනෑම ගමන් වියදමක් ආපසු ගෙවීමට (හෝ ආවරණය කිරීමට) සේවා යෝජකයා විසින් සිදු කල යුතුයි.
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා (නිවාඩු දින හැර)
ජංගම දුරකතන අංකය Cell: 3476660465