කඩදාසි ආකෘති Carta di soggiorno අවලංගු වීම
යුරෝපා පාර්ලිමේන්තුවේ 2019 ජුනි 20 දින කවුන්සිලයේ රෙගුලාසි (EU) 2019/1157 බලාත්මක වීමත් සමඟ, 2021 පෙබරවාරි 1වනදා සිට යුරෝපා හවුලේ සංක්‍රමණ නීතියට අනුකූලව, ඉතාලියේ ජිවත් වන ඉතාලි පුරවැසියන්ගේ පවුලේ සාමාජිකයන් සදහා ලබා දෙනු ලැබු (වසර 5 සිට 10 දක්වා වලංගු) ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍ර Carta di soggiorno familiare di cittadino UE - Permesso di soggiorno familiare di cittadino UE යාවත්කාලීන කිරීමක් හදුන්වා දෙනු ලැබු නමුත් මේ වන විටත් ඉතාලියේ ජිවත් වන ඉතාලි පුරවැසිභාවය හිමි පුද්ගලයන්ගේ ඇතැම් පවුලේ සාමාජිකයන් එම අදාල "කඩදාසි ආකෘතිය", පිලිබඳ නොදැනුවත් කම නිසා යාවත්කාලීන නොකරන බවක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත්, 2021 වර්ෂයේ ජනවාරි 02 වනදා සිට අදාල "කඩදාසි ආකෘති" බලපත්‍රයේ නව ආකෘතියක් හඳුන්වා දෙනු ලැබු අතර එය විශේෂ "ඉලෙක්ට්‍රොනික" ආකෘතියක් වෙනවා.
යුරෝපා සංගම් පුරවැසියන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය Carta di soggiorno familiare di cittadino UE - Permesso di soggiorno familiare di cittadino UE "කඩදාසි ආකෘතිය" 2023 වර්ෂයේ මාර්තු මස 8 වනදා සිට අවලංගු වන අතර, අයදුම්කරුවන් වහාම යාවත්කාලීනය සදහා අදාල Questura ආයතන වෙත ඉල්ලුම්පත්‍ර යොමු කල යුතු වනවා.
Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
P.IVA 0480676023
VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
@ www.studioconsulente.it