ඉතාලි පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කරයි 

මේ වන විට  අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා සමඟ සැරිසරමින් ලොව කොහේ සිටියත් එකිනෙකා සමඟ සමීපව ඇසුරු කිරීමට මිනිසා පුරුදු වී හමාරයි. 

මේ ආකාරයටම ළමා පරපුරද අන්තර්ජාලය හා බැඳී ඇති අතර, මෑත කාලයේ ඇතිවූ කොවිඩ් 19 තත්වය නිසා පාසල් වසා දැමීම හේතුවෙන් බොහෝ දරුවන් නිවසේ සිට දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට යොමු වුවා.

නමුත් දරුවන් ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් සඳහා දැඩිව ඇබ්බැහිවීම සහ එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානය විසින් පසු ගිය වසර කිහිපය තුල විශේෂ වාර්තාවන් ගණනාවක් ඉදිරිපත් කොට තිබෙන බව කුඩා දරුවන්ගේ වර්ධනය පිලිබඳව උනන්දුවක් දක්වන කවුරුත් දන්නා කරුණක්.

කුඩා දරුවෙක් පැය ගණනක් ස්මාට් දුරකථනය පරිහරණයට යොමු වීම කොකේන් මත්ද්‍රව්‍යවලට හුරු වීමට සමාන හානියක් සිදු කරන බව මෑත කාලීන වෛද්‍ය පර්යේෂණ වලින් තහවුරු කර තිබෙනවා. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහිවූ ළමුන් ගෙන් මෙන්ම වැඩිහිටියන්ගෙන්ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරුන් පවසනවා.

අන්තර්ජාලයට ඇබ්බැහි වීම අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ Internet Addiction Disorder ලෙස හඳුන්වන  මානසික රෝගය ලෙසයි. නමුත් අනෙක් මානසික රෝගයන් සඳහා ඖෂධ භාවිතාවෙන් සහ මානසික උපදේශනයෙන් රෝගීන් සුවපත් කල හැකි නමුත් මෙම Internet Addiction Disorder ලෙස හඳුන්වන  මානසික රෝගය චර්යාත්මක නතුවීම සඳහා මේ වන විට සොයාගෙන ඇත්තේ මානසික උපදේශනය පමණයි.

කුඩා දරුවන්ගෙ කටකාර කතා, ගැයුම්, වැයුම්, රැඟුම් පටිගත කර ඒවා සමාජ ජාලා වලට මුදා හැරීමට අද බොහෝ විට දෙමාපියන් හෝ වැඩිහිටියන් ක්‍රියා කරනවා දකින්නට පුළුවන්. 

දෙමාපියන් හෝ වැඩිහිටියන් දුරකථනය ක්‍රියාකරවමින් වීඩියෝ කරන බව දරුවා නොදන්නවා වුවත් තම ක්‍රියාකාරකම සමග දුරකථනය සම්බන්ධ වන බව කුඩා මනසට වැටහෙනවා. මෙයට දරුවාද දිගින් දිගටම ප්‍රිය කරමින් වීඩියෝ කිරීම සඳහාම තම ක්‍රියාකාරකම් සිදුකරන්නට ඇබ්බැහි වෙනවා.

ඉතාලියේ කුඩා දරුවන් ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් සඳහා දැඩිව ඇබ්බැහිවීම සහ එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ අවධානය යොමුකරමින් ඉතාලියේ පාසල් තුළ දුරකතන භාවිතය මෙම 2025 වර්ෂයේ සැප්තැම්බර් 01 වනදා සිට තහනම් කළ යුතු බවට ඉතාලි අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කොට තිබෙනවා.

ඉතාලි අධ්‍යාපන අමාත්‍යංශය විසින් පෙන්වා දී ඇති පරිදි OECD, WHO සහ ඉතාලි ජාතික සෞඛ්‍ය ආයතනය විසින් සිදු කරන ලද මෑත කාලීන අධ්‍යයනයන් මගින් ඉතාලියේ නව යොවුන් වියේ දරුවන් අතර අධික ලෙස ස්මාර්ට්ෆෝන් භාවිතය හේතුවෙන්  මානසික රෝගී තත්වයන්ට ගොදුරු වී තිබෙන අතර එහි රෝග ලක්ෂණයන් පහත සඳහන් වනවා:

1) අවධානය යොමු කිරීම අඩු වීම;
2) ඉගෙනීමේ හැකියාව අඩු වීම;
3) කාංසාව;
4) අධික කෝපය (අධික ලෙස ආවේගශීලි වීම) ;
4) නින්ද නොයාම;
5) සමාජ හුදකලාව 
6) ඇබ්බැහි වීම.

ඉතාලි අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඉතාලියේ දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේද මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ අවධානය යොමු කරමින්. 

මෙහිදී ඉතාලි අධ්‍යාපන අමාත්‍යංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ පවුලේ සියලු දෙනා එක්ව, දුරකථන පසෙකින් තබා එකට ආහාර ගැනීම. දවසේ ආගිය තොරතුරු කතා කරමින්, සතුටු සාමිචියේ යෙදෙමින්, පවුලේ බැඳීම ශක්තිමත් වන සේ ක්‍රියාකිරීම තුලින් දරුවාන්ට යහපත් ලෙස බලපෑම් ඇති කිරීමට උනන්දු වීම.  දෙමව්පියන්ද ඔවුන්ගේ ප්‍රශ්න, රැකියා ස්ථානයේ ගැටලු සහ වෙනත් ආරවුල්ද පසෙකින් තබා, පාසලේ විෂයයන් ගැන වැනි දරුවන් අකමැති දේ ගැනද කතා නොකර, සතුටුදායක දේවල් ගැනම සංවාද කිරීම තුළින් දරුවන් සහ පවුල අතර ඇති බැඳීම ශක්තිමත් කර ගැනීමට උනන්දු වීම හරහා ඩිජිටල් තිර මතින් ඈත් වූ, පවුල සහ ශාරීරික ස්පර්ශ මත ගොඩනැගුණු බැඳීම් මගින් වඩාත් නිරෝගී, සතුටින් සිටින මානසික සුවතාවෙන් පිරි දරුවන් ඇති දැඩි කිරීමට දායක වන ලෙසයි.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma STUDIO CONSULENTE

Vicolo Volto S. Luca 18 Verona

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 15.00 දක්වා  (නිවාඩු දින හැර)  ජංගම දුරකතන අංකය  අමතන්න

☎️ +39 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.