ඉතාලියේ ඇටොර්නි බලපත්‍ර

ඉතාලියේ ඇටොර්නි බලපත්‍ර නීතිය

ඉතාලි නීතියට අනුව ඉතාලියේ ඇටොර්නි බලපත්‍ර "PROCURA" පිලිබඳ කටයුතු කිරීමට බලය ඇත්තේ නොතාරිස් NOTAIO, අධිකරණයේ අදාල කාර්යාල නිලධාරියට, හෝ නගර සභාවේ අදාල නිලධාරියට පමණයි. 

නීතිඥවරයෙකුට ඉතාලි නීතියට අනුව ඉතාලියේ ඇටොර්නි බලපත්‍ර "PROCURA"  අත්සන් කිරීමට බලයක් නැහැ. එය ශ්‍රී ලංකාවේ නීතිය මෙන් නොවන අතර ඉතාලිය තුල ඇටොර්නි බලපත්‍ර පිලිබඳ කටයුතු කිරීමට බලය ඇත්තේ නොතාරිස්  NOTAIO වරයකුට පමණයි ඉතාලියේ නොතාරිස් සහ නීතිඥ යන වෘතින්  එක පුද්ගලයෙකුට කල නොහැකි අතර ඒවා දෙදෙනෙකු සිදු කරන වෘතින් දෙකක් වනවා

ඇටෝර්නි බලපත්‍රයකින්  එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට නිශ්චිත නීතිමය ක්‍රියාවන් සඳහා තමන්ගේ නමින් සහ තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය ලබා දෙන පොදු ලේඛනයකි. නොතාරිස් වරයකුගේ අත්සන මගින් අදාල ඇටෝර්නි බලපත්‍රයට නීතිමය වලංගුභාවයක් ලබා දෙනවා. 

1. සාමාන්‍ය ඇටර්නි බලපත්‍රය - PROCURA GENERALE

2. විශේෂ ඇටර්නි බලපත්‍රය - PROCURA SPECIALE

සාමාන්‍ය ඇටර්නි බලපත්‍ර යනුවෙන් හඳුන්වනු ලබන්නේ පෙර සඳහන් කල පරිදි යම් පුද්ගලයෙකු ලංකාවෙන් හෝ නැතිනම් යම් අධිකරණ බල ප්‍රදේශයකින් බැහැරව සිටින අවස්ථාවක එම හේතුව නිසා තමා විසින් සිදුකළ යුතු වන්නා වූ යම් නීත්‍යානුකූල කෘත්‍යයක් කිරීමට නොහැකි වන අවස්ථාවකදී එකී කාර්යයන් ඉටු කිරීම සඳහා වෙනත් පුද්ගලයකුට බලය ලබාදෙන ලබන ලේඛනයකි.

විශේෂ ඇටර්නි බලපත්‍රයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් නිශ්චිත කාර්යයක් සිදු කිරීමට බලය පැවරීමයි. ඒ අනුව මෙම විශේෂ ඇටර්නි බලපත්‍රය මගින් යම්කිසි පුද්ගලයකු විසින් විදේශගතව සිටින අවස්ථාවක ඔහුට අයත් දේපළක් විකිණීමට එසේත් නැතිනම් කිසියම් ගිවිසුමකට ඇතුළත් වීමට මෙම විශේෂ ඇටර්නි බලපත්‍රය යොදාගත හැකිවේ.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it  සඳුදා සිට බ්‍රහස්පතින්දා  දක්වා ඉතාලි වෙලාවෙන් 9.30 සිට 15.00 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය අමතන්න Cell: 3476660465

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.