ඉතාලියේ සිසුන් හට €500 දක්වා මුදල් වවුචර
2023-2024 වසර සඳහා ලොම්බර්දීයා පාසල් සිසුන්ගේ පෙළපොත්, තාක්ෂණික උපකරණ සහ අදාල මෙවලම් මිලදී ගැනීම සඳහා යුරෝ 200 සිට යුරෝ 500 දක්වා මුදල් වවුචර මෙවරත් ලබා දෙනු ලබනවා.
මෙම €200 සිට €500 දක්වා වවුචර පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කල හැක්කේ €15,748.78 නොඉක්මවන ISEE සහතිකයක් තිබෙන ඉල්ලුම් කරන වයස අවුරුදු 21 ට අඩු, ලොම්බාර්දියා හි පදිංචි, scuole secondarie di primo e secondo grado, statali e paritarie හෝ istituzioni formative accreditate ඉගනුම ලබන සිසුන් සඳහායි.
ඉල්ල්ම්ම්පත්‍ර අන්තර්ජාලය ඔස්සේ යොමු කල හැකි අතර 2023 ජූනි 15 දින දක්වා ඉල්ල්ම්ම්පත්‍ර යොමු කල හැකි වන අතර 2024 ජනවාරි 31 දක්වා ලබා දී ඇති වවුචර වියදම් කළ හැකියි.
අයදුම්පත ඉදිරිපත් කිරීමට අයදුම්කරු විසින් තම පුදිගලික SPID (පොදු ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය), CNS (ජාතික සේවා කාඩ්පත) හෝ පුද්ගලික PIN සහ රීඩර් සමඟ CIE (ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත) භාවිතයෙන් මෙම පිටුවේ ඇති තොරතුරු අනුව සිදු කල හැකියි.
--------------------------------------------------------------------------------------------------------
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
Sameera Ponnamperuma STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192
Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර)
දුරකතන අංකය Cell: 3476660465