ශ්‍රමිකයින් 452000කට ඉතාලියට ඇතුළත් වීමට අවස්ථාව

2023-2025 වසර තුනක කාලය සඳහා ඉතාලියට විදේශ රැකියා සඳහා නීත්‍යානුකූලව ඇතුල්වීම පිළිබඳව ඉතාලි රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව CDM හි අවසන් නිවේදනයේ සඳහන් වන අතර ඉතාලියේ ප්‍රධාන පුවත්පත් වාර්තා කරනු ලැබුවා.

2023 - 2025 තෙවසරක කාලය සඳහා, 2023 දී ශ්‍රමිකයින් 136000 ක්, 2024 දී ශ්‍රමිකයින් 151000 ක් සහ 2025 දී ශ්‍රමිකයින් 1650205 ක් වශයෙන් ඇතුළත් ශ්‍රමිකයින් 452000 ක් ඉතාලියට නිත්‍යානුකුලව අපේක්ෂා කරනු ලබනවා.

මෙහිදී  නව වෘත්තීය ශ්‍රමිකයින් අතර කෝටා සක්‍රිය කිරීමට නියමිත වන්නේ:

  • විදුලි කාර්මිකයන් 
  • ජලනල කාර්මිකයන්
  • ගෘහ සේවක සේවිකාවන්
  • සමාජ මෙන්ම සෞඛ්‍ය අංශවල සේවක සේවිකාවන් 
  • රියදුරන්  
  • ධීවර කර්මන්තය සඳහාද ශ්‍රමිකයින්
  •  භාණ්ඩ සහ පුද්ගලයින් ප්‍රවාහනය යන අංශ, සඳහා ශ්‍රමිකයින්
  • ඉදිකිරීම් අංශ සඳහා ශ්‍රමිකයින්  
  • සංචාරක හෝටල් සඳහා ශ්‍රමිකයින්
  • යාන්ත්‍රික අංශවල සේවක සේවිකාවන් 
  •  විදුලි නිෂ්පාදන සේවක සේවිකාවන් 
  • තොරතුරු තාක්ෂණ සේවක සේවිකාවන් 
  • ආහාර නිෂ්පාදන සේවක සේවිකාවන් 
  • නැව් නිෂ්පාදන සේවක සේවිකාවන් 
  •  සෘතුමය නොවන ස්වයං රැකියා සේවක සේවිකාවන් 
  • කම්කරු රැකියා සේවක සේවිකාවන් 
  •  සෘතුමය රැකියා සේවක සේවිකාවන් 
  • කෘෂිකාර්මික අංශ සේවක සේවිකාවන්.

කෘෂිකාර්මික සහ සංචාරක යන කර්මාන්ත වල කෝටා සක්‍රිය කිරීමට නියමිත වන්නේ අක්‍රමවත් සංක්‍රමණයට වීරුද්ධව ගිවිසුම් අත්සන් කරන සහ සෘතුමය රැකියා සඳහා ඉතාලියට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටින රටවල් වල කම්කරුවන් සඳහායි.

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.