€382,50ක කාඩ්පතෙන් මිලදී ගත හැකි භාණ්ඩ
මේ වන විට ඉතාලියේ ජිවත් වන ඔබ සියලුම දෙනා දන්නා පරිදි ඉතාලියේ "Carta Risparmio Spesa" හෙවත් €382,50ක ඉතුරුම් කාඩ්පත යනු නගර සභා මට්ටමින් ලබා දෙනු ලබන යුරෝ €382.50 ක වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් වන අතර එය යුරෝ 15000 නොඉක්මවන ISEE අගයක් ඇති පවුල් සඳහා නිකුත් කරනු ලබනවා.
Carta Risparmio Spesa හෙවත් ඉතිරිකිරීමේ කාඩ්පත හරහා මිලදී ගත හැකි අත්‍යවශ්‍යය භාණ්ඩ පහත සඳහන්:
- ඌරු මස්, හරක් මස්, කුකුළු මස්, බැටළු, එළු, හා මස්;
- මාළු;
- කිරි සහ ඒ ආශ්‍රිත ආහාර;
- බිත්තර;
- ඔලිව් සහ තෙල්;
- බේකරි නිෂ්පාදන, පේස්ට්‍රි සහ බිස්කට්;
- පැස්ටා (Pasta);
- සහල්, බාර්ලි, ඕට්ස්, මෝල්ට්, ඉරිඟු සහ වෙනත් ඕනෑම ධාන්‍යය වර්ගයක්;
- ධාන්ය පිටි;
- එළවළු;
- තක්කාලි සහ ටින් කල තක්කාලි;
- බීජ සහ පලතුරු;
- ළදරු ආහාර (කිරි ඇතුළුව);
- ස්වභාවික යීස්ට්;
- ස්වභාවික මී පැණි;
- සීනි;
- කොකෝවා කුඩු;
- චොකලට්;
- ජලය;
- වයින් ,විනාකිරි;
- කෝපි, තේ, camomilla
මෙම ලයිස්තුවේ අත්‍යවශ්‍යය ආහාර පාන පමණක් අඩංගු වන අතර මත්පැන් වර්ග මෙම ලැයිස්තුවෙන් බැහැර කොට තිබෙනවා.
Carta Risparmio Spesa කාඩ්පත ලබා ගැනීම සඳහා අයදුම් කිරීමක් සිදු කිරීමට අවශ්‍යය නොවන අතර, තමන්ගේ ස්ථිර පදිංචිය ඇති නගර සභාව විසින් අදාල ප්‍රතිලාභී පවුල් දැනුවත් කිරීමෙන් අනතුරුව බලය ලත් තැපැල් කාර්යාලවලට ගොස් මෙම Poste Italiane විසින් අනුබද්ධ Postepay €382,50ක කාඩ්පත ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
මෙම කාඩ්පත් නාමික වන අතර 2023 සැප්තැම්බර් 15 වන විට අදාල කාඩ්පත පාවිච්චි නොකිරීම තුලින් ප්‍රතිලාභය (එනම් කාඩ්පත් මුදල €382,50) අහිමි වේ.
--------------------------------------------------------------------------------------------------------
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
Sameera Ponnamperuma
STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192
Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465