යුරෝපා සංගමය සරණාගතභාවය පිලිබඳ එකඟතාවයකට

  යුරෝපා සංගමය සරණාගතභාවය පිලිබඳ එකඟතාවයකට 

යුරෝපා සංගමයේ සියලුම රටවල  එනම්   රටවල් 27ක (ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, සයිප්‍රසය, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, චෙක් ජනරජය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවැකියාව, ස්ලෝවෙනියාව, ස්වීඩනය සහ හංගේරියාව) වැනි රටවල අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරු, පසුගිය ජුනි 9 වන සිකුරාදා දින ලක්සම්බර්ග් (Lussemburgo) කවුන්සිලයේදී රැස්වී, යුරෝපයේ සරණාගතභාවය Asilo Politico (රිෆුජී) සහ සංක්‍රමණිකයන්ගේ කළමනාකරණය පිලිබඳ එකඟතාවයකට පැමිණියා.

යුරෝපයේ සංක්‍රමිකයින් පිලිබඳ කතා කරන විට සංක්‍රමණිකයන් කාණ්ඩ දෙකක් දක්නට ලැබෙනවා. පළමු කාණ්ඩය සරණාගතයින් වන අතර දෙවෙනි කාණ්ඩය ආර්ථික සංක්‍රමණිකයන් වශයෙන් හැඳින්විය හැකියි.

"සරණාගතයා" යනු ජාත්‍යන්තර නීතියට අනුව, 1951 සරණාගතයින්ගේ තත්ත්වය සම්බන්ධ ජිනීවා සම්මුතියේ 1 වන වගන්තිය යටතේ දක්වා ඇති පරිදි, තම මවු රටෙන් පලා ඒමට සිදුවූ හේතුවෙන් එහි ආපසු යාමට නොහැකි ඕනෑම පුදිගලයකු සඳහා පිළිගෙන ඇති තත්වයකි. 


මෙහිදී ප්‍රචණ්ඩත්වයට හෝ තාඩන පීඩනවලට ලක්වීම හෝ එවැනි තත්වයන්ට ගොදුරු වීමට ඇති  බිය හේතුවෙන්  මෙම "සරණාගත" Asilo තත්ත්වය පිළිගැනීම ඉහත  සඳහන් ගිවිසුම අත්සන් කර ඇති රජයන් විසින් ලබා දෙනවා. 

යුරෝපයේ ඇතැම් මාද්‍යය වාර්තා කරන පරිදි යුරෝපා රටවල සරණාගතභාවය ඉල්ලුම් කරන සංක්‍රමිකයින්ගෙන් 50%ක් ආර්ථික සංක්‍රමණිකයන් වන අතර  ඔවුන්  තම මවු රටෙන් පලා යන ඔවුන් නොවන බවයි. 

බොහෝ විට ඔවුන් ආර්ථික සංක්‍රමණිකයන් වන අතර, ගුවන් යානයෙන්, මුදල් සහ ක්‍රෙඩිට් කාඩ්පත් සහ සුපොකබෝගී ජංගම දුරකථන සහ මිල අධික ඇඳුම් සමඟ යුරෝපයට පැමිනෙන්නේ  රැකියාවක් සොයමින් තම ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට සහ උපන් රටෙන් සංක්‍රමණය වීමට ඇති කැමැත්ත හේතුවෙන්.

යුරෝපා සංගමයේ සරණාගතභාවය පිලිබඳ නවතම එකඟතාවයට අනුව  (ප්‍රායෝගිකව) වෙනස් වන්නේ  සංක්‍රමණිකයන් ට්‍රාන්සිට් Paese di transito වූ රට වෙත නැවත නෙරපා හැරීමේදී  ඔවුන් ආරක්ෂිත දැයි තීරණය ඉතාලිය විසින් තීරණය කරීමයි.

මෙයින් අදහස් කරන්නේ උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, සයිප්‍රසය, ක්‍රොඒෂියාව, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, චෙක් ජනරජය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවැකියාව, ස්ලෝවෙනියාව, ස්වීඩනය සහ හංගේරියාව වැනි රටවල් හරහා ඉතාලියට ඇතුළු වන සංක්‍රමණිකයෙකු නැවත අදාල  ට්‍රාන්සිට් Paese di transito වූ රට  වෙත නෙරපා හැරීමට ඉතාලිය හට හැකියාව ඇති වන බවයි. 

මෙහිදී නෙරපා හැරීමේ තීරණයන් වලට එරෙහිව ඉතාලියේ නීතික්ඥ වරුන් මෙන්ම යුරෝපයේ සහ ඉතාලියේ සංක්‍රමණ නීති පිලිබඳ උපදේශකවරුන්ගේ, සහය ඇතිව  නීතියට ඉදිරියට යාමට සරණාගතභාවය ඉල්ලුම් කරන සංක්‍රමිකයින්  ප්‍රමාණය වර්ධනය වනු ඇති බව අපගේ පුද්ගලික මතයයි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.