ඉතාලියේ ස්ථිර පදිංචිය "Residenza" වෙනස් කිරීමේ නව ක්‍රමවේදය 

ඉතාලියේ  මහ නගර සභාවකින් තවත් නගර සභාවකට තම ස්ථිර පදිංචිය Residenza වෙනස් කිරීම හෝ විදේශ රටක සිට ඉතාලියට  පැමිනිමේදී ඉතාලි ජනගහන ලේඛනයේ (ANPR) සෘජුවම අන්තර්ජාලය ඔස්සේ ඉතා පහසු ක්‍රමවේදයන්  ඔස්සේ සිදු කල හැකි නවතම ක්‍රමවේදයක් ඉතාලි රජය විසින් හදුන්වා දෙනු ලැබුවා.

ඉතාලියේ ඕනෑම මහ නගර සභාවකින් වෙනත් නගර සභාවකට තම ස්ථිර පදිංචිය Residenza වෙනස් කිරීම හෝ AIRE හි ලියාපදිංචි ඉතාලි පුරවැසියන් ආපසු ඉතාලියට පදිංචියට පැමිනිමේදී  මෙම ක්‍රම වේදය යටතේ සිදු කල හැකි වනවා.

මෙම නවතම ක්‍රමවේදය හරහා ඉතාලියේ ස්ථිර පදිංචිය වෙනස් කිරීමට තම ඉතාලි ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත, SPID, හෝ CNS හරහා ප්‍රවේශ වීමට හැකියාව ඇති අතර, ඔබ සහ ඔබේ පවුලේ  සාමාජිකයන් සඳහා ස්ථිර පදිංචිය Residenza මාරු කිරීමට ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර එය අදාල නගර සභාව වෙත අන්තර්ජාල ඔස්සේ යොමු කල හැකියි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර)

ජංගම දුරකතන අංකය Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.