ඉතාලියේ රැකියා සොයා ගැනීමට අලුත් ක්‍රමවේදයක්
ඉතාලියේ නිත්‍යානුකුලව ජිවත් වන ඔබ රැකියාවක් සොයන්නේ නම් හෝ ඔබගේ රැකියාව වෙනස් කිරීමට අවශ්‍යය නම්, කුමක් කළ යුතුද?
ඉතාලි රජය විසින් හඳුන්වා දී ඇති නවතම ක්‍රමවේදය, නව තොරතුරු පද්ධතියකින් සමන්විත වන, SIISL නම් වෙබ් අඩවිය තව නොබෝ දිනකින් ක්‍රියාත්මක කිරීමට සියලුම කටයුතු සුදානම් කොට තිබෙනවා.
SIISL වෙබ් අඩවිය නිර්මාණය කොට මෙම වෙබ් අඩවිය ඉතාලි රජය විසින් හඳුන්වා දෙනු ලැබුවෙ, ඉතාලියේ රැකියා සැපයුම සහ ඉල්ලුම අතර සම්බන්ධතාවය පහසු කිරීමේ අරමුණින්.
තවද, මෙම SISL නම් වෙබ් අඩවිය හරහා මෙම රජය විසින් සංශෝධනය කරනු ලැබු Reddito di Cittadinanza පුරවැසි ආදායම (RDC) සහ එය වෙනුවට 2024 වසරේ සිට හඳුන්වා දෙනු ලබන Assegno di Inclusione ක්‍රියාත්මක කිරීම මෙන්ම රැකියා පුහුණුව සහ රැකියා සොයාගැනිම පහසු කිරීමද සිදු වනවා.
SISL වෙත ප්‍රවේශ වීමට, INPS වෙබ් අඩවිය හරහා අයදුම්පතක් ඉදිරිපත් කිරීම කල යුතු අතර, ඉන්පසුව අදාල අපේක්ෂකයාට ලියාපදිංචි වීමට ආරාධනාවක් ලැබෙනවා.
ලියාපදිංචි වීම ස්වාධීනව සිදු කළ හැකි අතර (අදාළ පුද්ගලයා විසින්) හෝ Centro per l'impiego රැකියා මධ්‍යස්ථාන හෝ විශ්වාසවන්ත කාෆ් Caaf ආයතන හරහාද සිදු කල හැකියි.
--------------------------------------------------------------------------------------------------------
මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න
Sameera Ponnamperuma STUDIO CONSULENTE
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125.
Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192
Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා
සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 15.30 සිට 16.30 දක්වා (නිවාඩු දින හැර)
දුරකතන අංකය Cell: 3476660465