2024 වර්ෂයේ ඉතාලියේ 
දැවැන්ත පාලම් ව්‍යාපෘතිය 

සිසිලි දුපත (Sicilia) සහ කලාබ්‍රියාව (Calabria) සම්බන්ධ කරන මෙස්සීනා Messina - විල්ලා සන් ජොවාන්නි Villa San Giovanni මෙස්සීනා සමුද්‍ර සන්ධිය හරහා දැවැන්ත පාලමක් ඉදිකිරීම සඳහා කාර්මිකයින් දහස් ගණනක් 2024 වසරේදී බඳවා ගැනීමට නියමිත බව ඉතාලි රජය ඉතාලි මාද්‍යය දැනුවත් කරනු ලැබුවා.

ඉතාලි පාර්ලිමේන්තුව විසින් පසුගියදා මෙම මෙස්සීනා Messina සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදිකිරීම පිලිබඳ ව්‍යාපෘතිය සම්මත කරනු ලැබුවා (decreto Ponte - decreto-legge 31 marzo 2023, n. 35),

මෙම දැවැන්ත ඉදිකිරීමේ ව්‍යාපෘතිය  සැලසුම් ලේඛන 8,000 කින් සමන්විත වේ. මෙම පාලම මාර්ග මංතීරු 6 ක් (එක් එක් දිශාවට 3 ක්), දුම්රිය මාර්ග 2 ක්, සහ පරාසය මීටර් 3,300 ක් සහ මුළු දිග මීටර් 3,660 ක් වනවා.

මෙස්සීනා Messina සමුද්‍ර සන්ධියේ පාලමේ කුළුණු මීටර් 399 ක උසකින් යුක්ත වන අතර මේවා අතර  මීටර් 65 ක් උසින් විශාල නැව් යාත්‍රා කිරීමටද ඉඩ සලසයි.

පැයකට වාහන 6,000 ක් සහ දිනකට දුම්රිය 200 ක් එහි සංසරණය වීමට නියමිත අතර එමඟින් මාර්ග සම්බන්ධතා කිලෝමීටර් 20.3 ක් සහ දුම්රිය සම්බන්ධතා කිලෝමීටර 20.2 ක් ආවරණය කළ හැකි වීමටද නියමිතයි.

මෙම  දැවැන්ත පාලම භූමිකම්පා වලට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් සකස් කිරීමට නියමිත අතර (රිච්ටර් පරිමාණයෙන් 7.1 ට සමාන) සහ පැයට කිලෝමීටර 270 ක සුළං වේගයක් දක්වා ස්ථාවරතිවයකින් සමන්විත වීමට නියමිතයි.

මෙම  දැවැන්ත පාලම ඉදිකිරීම සහ ඉවුරු දෙකෙහිම දුම්රිය සහ මාර්ග ප්‍රවේශ කටයුතු සඳහා වන වියදම යුරෝ බිලියන 10 ක් ලෙස ඉතාලි රජය විසින් ඇස්තමේන්තු කොට තිබෙනවා.

--------------------------------------------------------------------------------------------------------

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න

 www.studioconsulente.it

Sameera Ponnamperuma STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 

Sede di Roma Ottaviano: Via Santamaura n. 72 Roma (RM) – 00192 

 Sede di Roma Acilia Via Francesco Menzio, 30 (RM) 00125 Roma

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 15.30 සිට 16.30 දක්වා  (නිවාඩු දින හැර)

 දුරකතන අංකය  Cell: 3476660465  

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.