ඉතාලි අධිකරණය දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කිරීම

ඉතාලි අධිකරණය දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කිරීම 

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් බොහොමයක දෙමාපියන්ගෙන් තම බාල වයස්කාර දරුවන්ගේ භාරකාරත්වය  (අයිතිය) ඉතාලි රජය විසින් ඉවත් කිරීම දිනෙන් දින වර්ධනයක් දක්නට ලැබෙනවා. 

මෙවැනි තත්වයන් පිළිබඳව ඉතාලි අධිකරණයන් සහ ඉතාලි රජයේ ආයතනයන් මෙන්ම ශ්‍රී ලාංකික පවුල් සමඟ මැදිහත් වීම අප "Studio Consulente" පුද්ගලික ආයතනය වුර්තිමය වශයෙන් සිදු කරනු ලබනවා.

ලෝකයේ සෑම රටක මෙන්ම, ඉතාලියේද දරුවන්ට තම දෙමාපියන් සමඟ නිවසේ ජීවත් ව,  අධ්‍යාපන කටයුතු මෙන්ම මානසික සහ ශාරීරික වර්ධනය නිසි ලෙස සිදු කිරීම සඳහා දෙමාපියන්ගේ අකණ්ඩ සහය ලබා ගැනීමට අයිතියක් තිබෙනවා.

නමුත් සෑම දෙමපියකුටම දරුවෙකු ඇති දැඩි කිරීමට සුදුසුකම් නොමැති විය හැකි බවද සත්‍යයක්.

ඉතාලියේ බාල වයස්කර දරුවන්ගේ ගැටළු සඳහා සමාජ සේවකයින් "Assistenti Sociali" මැදිහත් වන අතර, වඩාත් බරපතල අවස්ථාවන්හිදී, දෙමාපියන්ට තම දරුවන් පවා අහිමි විය හැකි බව කවුරුත් දන්නා කරුණක්.

ළමා අපචාර, පවුල තුළ සිදුවන හිරිහැර හිංසන හෝ දරුවන් රැකබලා ගැනීමට නොහැකි වන තත්වයන් වන බීමත් කම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, මෙන්ම සමාජයේ දක්නට ලැබෙන විවිධ ඇබ්බැහිවීම වලට ගොදුරු වූ  දෙමාපියන් ඇතැම් විට දෙමාපියන්ගේ අසාමාන්‍යය ප්‍රේම සම්බන්ධතා, හෝ නිතර මෙම අසාමාන්‍යය ප්‍රේම සම්භන්ධතා පවත්වන පුද්ගලයින් වෙනස් කිරීම හෝ ප්‍රේම සම්භාන්ධතාවයන් කිහිපයක් එකවර පවත්වාගන යාම  මේ අතර  විශේෂ  වනවා.

ඇතැම් විට දරුවන්ගේ පෝෂණය නිසි ලෙස සිදු නොවීම මෙන්ම දරුවන් හෝ  දෙමාපියන් ගණිකා වෘත්තියේ හෝ ඒ හා ආශ්‍රිත කර්තව්‍යන් වලට  නියැලීම හෝ තම දරුවන් පවා ඒවාට සම්භන්ධ  කරගැනිමද විය හැකියි. 

ඉතාලි අධිකරණය ඉතාලියේ ජිවත් වන ලාංකික පවුල් වල දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කළ හැකිද?

ඉතාලියේ ජිවත් වන ලාංකික පවුල් වල දරුවන් ඉතාලි අධිකරණ තීන්දු හරහා දෙමාපියන්ගෙන් ඉවත් කිරීම මේ වන විට සීග්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. 

දරුවන් ඉතාලි අධිකරණ තීන්දු හරහා දෙමාපියන්ගෙන් ඉවත් කිරීමට මුලික හේතු වශයෙන් දක්නට ලැබෙන්නේ:

1.  ඉතාලි සමාජ ක්‍රමය තුල නිසි ලෙස අන්තර්ගත නොවීම;

2. රැකියාවට, මුදලට, විනෝදයට, බීමත් කමට හෝ මත්ද්‍රව්‍යය වලට, සමාජ සේවයට, රූපලවන්‍යය කටයුතු වලට, සමාජයේ කැපී  පෙනීමට, අනියම් සම්භන්ධතා වලට, සම්පුර්ණ කාලය වැය කරමින්  තම දරුවන් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කිරීමට මැලි වීම;

3.  දරුවන්ට අමානුෂික ලෙස බැන වදිමින් දරුණු දඩුවම් පමුනුවමින්, දරුවන්ගේ  සතුට සහ මානසික සුවය පිලිබඳ අවධානය යොමු නොකිරීම බව කිව යුතුයි. 

සමාජ සේවකයන්  "Assistenti Sociali" දරුවන් රැගෙන යාමට පවුලේ ආරවුල් කිහිපයක් පමණක් ප්‍රමාණවත් නොවේ. දරුවන් රැගෙන යාමට නම්, දරුවා තුළ ශාරීරික, මානසික හෝ සදාචාරාත්මක ගැටළු හේතුවෙන් දුක් වේදනා ඇති වීම මෙන්ම පවුල් පරිසරය තුල පිරිහීමේ හෝ බරපතල නොසලකා හැරීමේ තත්වයක් තිබිය යුතුය.

ඉතාලියේ දරුවන් දෙමව්පියන්ගෙන් ඉවත් කිරීමේ ප්‍රධාන අවස්ථා අතර පහත සඳහන් අවස්ථා ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ:

  • මන්දපෝෂණ තත්වයන්;
  • ශාරීරික නොසලකා හැරීම (එනම් මව සහ පියා තම දරුවා පෝෂණය කිරීම නිසි ලෙස සිදු නොකරන විට);
  • අයහපත් ලෙස සැලකීම හෝ සදාචාරාත්මක හා ශාරීරික හිංසනය;
  • දෙමව්පියන් මත්ද්රව්ය භාවිතා කරන විට, මත්පැන් පානය කරන්නන්, ගණිකා වෘත්තියේ යෙදෙන විට හෝ
  • විවිධ අසාමාන්ය සබඳතා ඇති විට;
  • දරුවා රැකබලා ගැනීමට සහ ඔහුගේ අවශ්යතා සපුරාලීමට දෙමාපියන්ට නොහැකි වූ විට.

ඉතාලියේ පාසල්  වල ගුරුවරුන් ඉහත සඳහන් කළ එක තත්වයකට සමාන තත්වයක් පිළිබඳව සැක කරන්නේ නම්, උදාහරණයක් ලෙස සමාජ සේවකයින් "Assistenti Sociali"  ඇමතීමට තීරණය කළ හැකිය.

සමාජ සේවකයන් "Assistenti Sociali" ඉතා සියුම් කාර්යභාරයක් ඉටු කරන අතර, ඔවුන් අදාල පවුලෙන් දරුවන් රැගෙන යාමට පෙර, පරීක්ෂණ සිදු කරනු ලබනවා. 

දරුවා දෙමාපියන්ගෙන් ඉවත් කරනු ලැබුවහොත්, එම දරුවා වෙනත් පවුලකට හෝ පෞද්ගලික හෝ රජයේ ආයතනයකට වැනි  විශේෂ භාරකරුවෙකු වෙත පැවරීමට බල වයස්කාර අධිකරණයට නියෝග කළ හැකිය.

කෙසේ වෙතත් ඉන් පසුව දරුවන් පිළිබඳ තීරණ සමාජ සේවා විසින් පමණක් ගනු ලබන අතර ඔවුන් වාර්තාවන් සකස් කිරීමෙන් තත්වය පිලිබඳ බල වයස්කාර අධිකරණය දැනුවත් කරනු ලබයි.

නිශ්චිතවම දරුවකු තම පවුලෙන් ඉවත් කිරීමේන්  පසුව  අදාල පවුලේ ගැටළු සහගත තත්ත්වයන් වෙනස් නොවන්නේ නම්, ඉතාලි බාල වයස්කාර අධිකරණයට දරුවා ස්තිර වශයෙන් වෙනත් පවුලකට දරුකමට හදා ගැනීමට ලබා දිය හැකිය.

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  15.30 සිට 16.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465  

 

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.