සරණාගතභාවය සඳහා කොමිෂන්සභා සම්මුඛ පරීක්ෂණය

සරණාගතභාවය සඳහා කොමිෂන් සභාවේ සම්මුඛ පරීක්ෂණය

ඉතාලියේ සරණාගතභාවය අයදුම් කොට අදාල කොමිෂන් සභාවේ සම්මුඛ පරීක්ෂණයට සාරථකව මුහුණ දීම යනු ඉතාලියේ සරණාගතභාවය  ලබා ගැනීමට මූලික පියවරයි.  

ඉතාලියේ සරණාගතභාවය අයදුම් කිරීම අදාල කුස්තුරා (Questura) ආයතන හරහා සිදු කල හැකි අතර එය ඉතා සරල ක්‍රියාදාමයක් වුවත් අදාල කොමිෂන් සභාවේ සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව සහ පෙර සුදානමකින් මුහුණ දීමට නොහැකිව එම අයදුම්පත ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලංකික සරණාගත අයදුම් කරුවන් බොහෝ දෙනෙකු පසුගිය දිනවල දක්නට ලැබූනා.

බොහෝ ශ්‍රී ලංකික සරණාගත අයදුම් කරුවන්  සරණාගතභාවය සඳහා කොමිෂන් සභාව වෙත පැමිණෙන්නේ ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ, සියල්ලටත් වඩා, තමන් අයදුම් කරනු ලැබු සරණාගතභාවය යනු කුමක්ද, තමන්  විසින් ඉදිරිපත් කරන්නාවූ කරුණු  අදාල  කොමිසම විසින් පිළිගන්නවද නැදද යන්න සහ අදාල කොමිසම තීරණය ලබා දෙන්නාවූ නිර්ණායකයන් මොනවාද යන්න පිළිබඳ කිසිදු අදහසක් නොමැතිවයි.

ඉතාලියේ සරණාගතභාවය   සඳහා කොමිෂන් සභාවේ සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් වීමට අදාල සරණාගතයින් ප්‍රධාන වශයෙන් අදාල සම්මුඛ පරීක්ෂණය සකස් කිරීම සිදු කල යුතු වනවා. ඉන් පසුව තමන් එම සකස් කිරීම ඉදිරිපත් කරනුයේ කෙසේද යන්න පිළිබඳව සහ එය සැකසීමේ ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. එමෙන්ම එය සාර්ථකව ඉදිරිපත් කිරීම සඳහා ප්‍රයෝජනවත් මෙවලම් සහ උපක්‍රම පිළිබඳවද සුදානමක් තිබීම වැදගත්.

ඉතාලියේ සරණාගතභාවය අපේක්ෂා කරන සෑම පුද්ගලයෙකුටම මෙම  සරණාගතභාවය පිලිබඳ කොමිෂන් සභාව ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම අනිවාර්යය වන අතර මෙයට සාර්ථකව සහ පෙර සුදානමකින් මුහුණ දීම සඳහා ඉතාලියේ නීතිමය මූලාශ්‍ර පිලිබඳ දැනුවත් වී තම සරණාගත අයිතිවාසිකම් පිළිබඳව නිසි දැනුමක් ඇතිව සහභාගී වීම තුලින් අපහසුතාවයන් වලට මුහුණ දීමට ඇති ඉඩකඩ වලක්වා ගත හැකියි.

ඉතාලියේ සරණාගතභාවය අයදුම් කිරීමට සහ අදාල සහය ලබා දීමට නොමිලේ ස්වෙච්චා සංගම් සහ සමාජ සේවා ආයතණයන් බොහොමයක් දක්නට ලැබෙන අතර තම සේවාව සඳහා මුදලක් අය කිරීමකින් අදාල නීතිමය සහය සහ උපදෙස්  ලබා දෙන ඉතාලි රජයේ ලියාපදිංචි පුද්ගලික ආයතනයන් බොහොමයක්ද දක්නට ලැබෙනවා.    

පුද්ගලික ආයතනයක් වන Studio Consulente ආයතනයද තම සේවාවන් අතරේ ඉතාලියේ සරණාගතභාවය සඳහා කොමිෂන් සභාවේ සම්මුඛ පරීක්ෂණය සඳහා සූදානම් වීමට, සරණාගතභාවය සඳහා කොමිෂන් සභාවේ නිර්ණායකයන්ට අනුව සම්මුඛ පරීක්ෂණය සකස් කිරීමට, සාර්ථකව කරුණු ඉදිරිපත් කරනුයේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් සහ එය සැකසීමේ ක්‍රමවේදයන්ද, ප්‍රයෝජනවත් නීතිමය මෙවලම් සහ උපක්‍රම පිළිබඳව නීතිමය උපදෙස් ලබා දීමද  සිදු කරනු ලබනවා. 

Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
Pᴇᴄ. : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
P.IVA 0480676023

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.