ඉතාලියේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නන් හට නීති ආධාර

ඉතාලියේ  දරිද්‍රතාවයෙන් පෙලෙන්නන් හට නීති ආධාර

ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් හට ඉතාලි අධිකරණ පද්ධතියේ දිගහැරෙන නඩු පිළිබඳව විමසා බලද්දී නීතිය හා අධිකරණ පද්ධතිය පිළිබඳව ඇත්තේ අවම අවබෝධයක්. මේ නිසා යුක්තිය පතා නීතිය හමුවට පය තබන්නට පෙර දෙවරක් සිතන තත්ත්වයට හා එය සඳහා මැලි වීමක් දක්නට ලැබේ. 

විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම්, වන්දි මුදල්, ආදී නඩු කටයුතුවලදී වියදම් වන මුදලේ අගය ආදිය නිසාම පාඩු නොලබා සිටින්නට බොහෝ දෙනා කටයුතු කරනු ලබයි. 

අඩු ආදයම් ලාභින් වෙනුවෙන් ලබා දෙන පහසුකම් පිලිබදව නොදැනුවත් කම මෙයට මූලික හේතුවයි.

දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු ආදයම් ලාභින් හට ඉතාලියේ නීති ආධාර (Gratuito Patrocinio a spese dello Stato) ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙනවා.

මෙම නීති ආධාර ඉල්ලුම් කිරීමට අවශ්‍යය වන ප්‍රධාන සුදුසුකම් වන්නේ:

  1. අයදුම් කරුවාගේ පවුලේ සියලුම සාමාජිකයන්ගේ සම්පුර්ණ  වාර්ෂික ආදයම  (CUD) € 11.746,68 ට අඩු විය යුතු වන අතර මෙය (ISEE) අගය නොවන බව මතක තබා ගැනිම ඉතාම වැදගත්.
  2. විදේශීය පුරුවැසිභාවයක් ඇති අයදුම්කරුවාගේ (යුරෝපිය නොවන, ශ්‍රී ලාංකිකයන් වැනි) පවුලේ සියලුම සාමාජිකයන් අදාල විදේශ රටේ උපයන ආදායම්, බැන්කු ගිණුම්, සහ දේපල නොමැති බව සහතික කරමින් අදාල තානාපති කාර්යාලය හරහා සහතිකයක් ඉදිරිපත් කල යුතුයි. මෙම සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි නම් තම මාතෘ භුමියේ දේපල නොමැති බවත් කිසිඳු ආදායමක් නොමැති බවත් සහතික කල යුතු වනවා. මෙවැනි ප්‍රකාශ පිලිබඳ සත්‍යතාවය තහවුරු කිරීමකට ලක් වන අවස්ථාවකදී එය අසත්‍යය ප්‍රකාශයක් බවට තහවුරු වුවහොත් අදාල ව්‍යාජ ප්‍රකාශය සිදු කල පුද්ගලයා හට ඉතාලි අපරාධ නීතියට අනුව ව්‍යාජ තොරතුරු සහතික කිරීම සඳහා වසර 1 සිට 5 දක්වා සිරදඬුවම් නියම කල හැකි අපරාධමය වරදක් වන අතර යුරෝ 309  සිට යුරෝ 1,549  දක්වා දඩ මුදලක්ද නියම කල හැකියි. 

ඉතාලියේ දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු ආදයම් ලාභින් හට ඉතාලියේ නීති ආධාර ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙන්නේ අඩු ආදයම් ලාභින් හට සේවය සපයන නීති ආයතන හරහා පමණයි. 

Cᴏɴsᴜʟᴇɴᴛᴇ Aᴍᴍɪɴɪsᴛʀᴀᴛɪᴠᴏ
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
Fɪʟɪᴀʟᴇ:Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ
Pᴇᴄ. : sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ᴘᴇᴄ.ɪᴛ
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
P.IVA 0480676023

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.