වෙරෝනා නගරයේ ගබඩා සේවකයින් 100ක් බඳවා ගැනේ

වෙරෝනා  Oppeano හි විශාල ගබඩා සංකීර්ණයට නව සේවකයින් 100ක් බඳවා ගැනීමට නියමිතයි.

බියර් අංශයේ විශාලතම ලොව පුරා සමාගම්වලින් එකක් වන AB Inbev සමූහයට අදාලව මෙම ගබඩා සංකීර්ණය  පවත්වාගන යාමට නියමිත අතර වසරකට බියර් ලීටර් මිලියන 250කට අධික ප්‍රමාණයක් ගබඩා කර වර්ග කිරීමටද නියමිතයි.

මෙම ගබඩා සංකීර්ණ මධ්‍යස්ථානය විවෘත කිරීම ලබන ඔක්තෝම්බර් මාසයේදී නියමිත අතර එහි අවකාශය 50,000 m2ක් වපසරියකින් යුතු වන අතර පැලට් 70,000 ක ධාරිතාවයකින් යුක්තවීමටද නියමිතයි.

මෙම ගබඩා සංකීර්ණ මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ අඩු පරිභෝජනය LED ​​ආලෝකය සහ පරිසර හිතකාමී ද්රව්ය භාවිතා කිරිමයි. 

රථ ධාවනය  සඳහා විදුලිය, ගෑස් සහ හයිඩ්‍රජන් භාවිතා කිරීමට නියමිත අතර පරිසර දුෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අනුග්‍රහය දැක්වීම තුලින් පාරිසරික බලපෑම අවම කිරීමට දායක වීම මෙම සමාගමේ අරමුණයි.

මෙම ආයතනය විසින් බඳවා ගනු ලබන සේවකයින් භාණ්ඩ පැටවීමේ සහ බෑමේ  ක්‍රියාකරුවන්, සැපයුම් ගබඩා සේවකයින් Magazzinieri , රියදුරන් සහ ප්‍රවාහන සේවකයින් මෙන්ම කාර්යාල සේවකයන් සහ පරිපාලන කාර්ය මණ්ඩලයද වනවා.

ඔබත් අයදුම් කිරීමට කැමැති නම් lavoraconnoi@cab-log.it යන විද්‍යුත් තැපැල් ලිපිනයට දැන්ම ඔබගේ CV යොමු කරමින් අයදුම් කළ හැකිය..

වැඩි විස්තර සඳහා පහත රතු පැහැයෙන් සඳහන් "සමාගම් වෙබ් අඩවිය" ට පිවිසිය හැකියි. 

මෙවැනි වැදගත් වටිනා තොරතුරු දැන ගැනිම සඳහා නිතර අප වෙබ් අඩවියට පිවිසෙන්න www.studioconsulente.it

Sameera Ponnamperuma

STUDIO CONSULENTE

Sᴇᴅᴇ Lᴇɢᴀʟᴇ : Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125. 
E-ᴍᴀɪʟ:iɴꜰᴏ.sᴛᴜᴅɪᴏᴄᴏɴsᴜʟᴇɴᴛᴇ@ɢᴍᴀɪʟ.ᴄᴏᴍ 

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 11.00 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) ජංගම දුරකතන අංකය Cell: 3476660465

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.