ඉතාලියේ ලියාපදිංචි නොවී ව්‍යාපාර කිරීම
ඕනෑම වාණිජ කටයුත්තකින් මුදල් උපයනවනම් එය ව්‍යාපාරයක් වෙනවා.
ලියාපදිංචි වීමකින් තොරව නිෂ්පාදන විකිණීම, ඇඳුම් පැළඳුම් විකිණීම, නිවසේ පිසූ ආහාර විකිණීම, වෙනත් ආහාර නිෂ්පාදන, සේවාවන් විකිණීම, වෙළඳ දැන්වීම් අවකාශ විකිණීම, වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සංගීත සංදර්ශන, නැටුම් සංදර්ශන ආදිය හරහා මුදල් ඉපයීම නිත්‍යානුකුල නොවන ව්‍යාපාර ලෙස සැලකිය හැකියි.
ඉතාලියේ නිත්‍යානුකුල ව්‍යාපාරයක් සඳහා අදාල අවසර සහ ලියාපදිංචි වීම් සිදු කිරීම අනිවාර්යය වෙනවා.
බොහෝ දෙනෙකු ඉතාලියේ නීතිය පිලිබඳ දැනුවත් වී තමන් හට මුහුණ දීමට සිදුවිය හැකි කණගාටුදායක සිදුවීම් වලක්වා ගන්නවා වෙනුවට කිසිඳු ලියාපදිංචි වීමකින් තොරව ව්යාපාර විවෘත කිරීමට කැමැත්තක් දක්වන අතර තමන් නිත්‍යානුකුලව උපයාගන්න මුදල් සඳහා රිසිට් පත්‍ර ලබා දී අදාල ව්‍යාපාරය කිසිඳු බියකින් තොරව සිදු කිරීම ගැන සිතන්නට මැලි කමක් දක්වනවා.
නිත්‍යානුකුල නොවන ව්‍යාපාර පවත්වාගෙන යාම ඉතාලියේ දැඩි දඬුවම්වලට යටත් වන බව කිව යුතුයි.
ඉතාලියේ වැට් බදු (Partita Iva) සඳහා ලියාපදිංචි නොවී කිසියම් ව්‍යාපාරයක් කිරීමෙන් € 103 සිට € 10,000 දක්වා දඩ මුදල් ගෙවීමකට, වසර 2 දක්වා සිරදඩුවම් ලබා දීමකට සහ ව්‍යාපාරය සඳහා භාවිතා කරනු ලබන භාණ්ඩ ආදිය රාජසන්තක කිරීම වැනි දඩුවම් ඉතාලි රජයේ ආයතන මගින් ලබා දිය හැකි බව කිව යුතුයි.
මෙවැනි නීති උල්ලංඝනය කල වරද කරුවන් නැවත නැවත මෙය කිරීම තුලින් දඩුවම් දෙගුණ කළ හැකියි.
ඉතාලියේ නව ව්‍යාපාරයක් විවෘත කිරීම සඳහා සුදුසු යැයි සැලකීමට, පුද්ගලයෙකු විවිධ සුදුසුකම් සපුරා ගත යුතු වනවා.
ඉහත සුදුසුකම් අතර, වයස අවුරුදු 18ට වැඩි වීම, බංකොලොත්භාවය පිළිබඳ ප්‍රකාශ නොතිබීම, ඉතාලියේ පදිංචිය, අපරාධ චෝදනා හෝ එම අපරාධ වලට වරදකරු නොවීම, ඉතාමත් වැදගත් සුදුසුකම් වනවා.
ඉතාලියේ ඔබ විවෘත කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය අනුව අමතර අවශ්‍යතාද අවශ්‍ය විය හැකි අතර සියලු සුදුසුකම් සපුරා ඇත්නම්, නව ව්‍යාපාරයක් විවෘත කිරීම සඳහා අදාල පරිපාලන ක්රියා පටිපාටිය සමඟ ඉදිරියට යා හැකියි.
ඔබට නිත්‍යානුකුලව ඉතාලියේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් අපගේ Studio Consulente උපදේශකවරුන් සමග සම්භන්ධ විය හැකියි.
Sᴀᴍᴇᴇʀᴀ Pᴏɴɴᴀᴍᴘᴇʀᴜᴍᴀ
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona (VR.611)
P.IVA 0480676023
VERONA: Lᴜɴɢᴀᴅɪɢᴇ Gɪᴀᴄᴏᴍᴏ Mᴀᴛᴛᴇᴏᴛᴛɪ ɴ.13/G Vᴇʀᴏɴᴀ (VR) – 37125
ROMA OTTAVIANO: Vɪᴀ Sᴀɴᴛᴀᴍᴀᴜʀᴀ ɴ.72 Rᴏᴍᴀ (RM) 00192
ROMA ACILIA Via Francesco Menzio, 30 00125 Roma RM
𝐂ᴇʟʟ : 0039 𝟑𝟒𝟕𝟔𝟔𝟔𝟎𝟒𝟔𝟓
@ www.studioconsulente.it