ඉතාලියේ මූල්‍ය ආයතනයකින් හෝ බැංකුවකින් ණය මුදලක් ලබාගෙන නොගෙවීම.

ඉතාලියේ මූල්‍ය ආයතනයකින් හෝ බැංකුවකින් ණය මුදලක් ලබාගෙන නොගෙවීම.

ඉතාලියේ ජීවත් වන ඔබ විසින් ලබා ගන්නා වූ බැංකු ණය (finanziamento) වාරික ගෙවීමට අතපසු වුවහොත් කුමක් සිදු විය හැකිද? 

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ ඉතාලියේ රැකියාවක් නොමැති හා අනාගතයේදී රැකියාවක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති කිසිදු ආදායමක් නොමැති (බැංකු ගිනුමක් පවා නොමැති) හෝ කිසිදු දේපලක් නොමැති අයෙකු නම් මෙම ණය මුදල් නැවත ලබා ගැනීමට අදාල බැංකුවට හෝ මූල්‍යය ආයතනයට හැකියාවක් නොමැති බවයි.

නමුත් ඔබ ඉතාලියේ රැකියාවක් කරන තම පවුලේ අය සමඟ ජීවත් වන අනාගත බලාපොරොත්තු ඇති අයෙකු නම් ඔබේ මාසික  වැටුපෙන් කොටසක්, විශ්‍රාම වැටුපෙන් කොටසක්, බැංකු ගිණුමේ තිබේන මුදල් සහ ඉතාලි රජය විසින් ලබා දෙන්නාවූ සහන මුදල්, වර්තමාන සහ අනාගත වත්කම් වැනි දේ ඉතාලි උසාවිය පද්ධතිය හරහා ලබා ගැනීමට අදාල බැංකුවට හෝ මූල්‍යය ආයතනයට හැකියාව තිබෙනවා. 

එමෙන්ම ණයකරැගේ මරණයේදී දරුවන්, බිරිඳ හෝ සැමියා, සහ උරුමක්කරුවන්ගේ දේපලද, ඔවුන්ගේ වැටුපෙන් කොටසක්, විශ්‍රාම වැටුපෙන් කොටසක්, බැංකු ගිණුමේ තිබේන මුදල්, වර්තමාන සහ අනාගත වත්කම්, උසාවිය හරහා ලබා ගැනීමට අදාල බැංකුවට හෝ මූල්‍යය ආයතනයට නීතිමය හැකියාවක් තිබෙනවා. 

වසර 10ක් ගතවූ පසු අදාල බැංකුවට හෝ මූල්‍යය ආයතනයට ලබා දුන් ණය මුදල නැවත ලබා ගැනීමට ඉතාලියේ නීතිමය හැකියාවක් නැති බව බොහෝ දෙනෙකුගේ මතයයි. 

නමුත් එම මතය නිවැරදි වන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. 

මෙම වසර 10ක කාලය ගනනය වන්නේ තමන් ගෙවීමට තිබෙන ණය මුදලේ අවසාන වාරිකයේ දිනය සිට වන අතර අදාල බැංකුව හෝ අදාල මූල්‍යය ආයතනය විසින් සිදු කරන ඕනෑම සරල මතක් කිරීමක් (ලිපියක් වැනි) හෝ වෙනත් ඕනෑම නිල දැනුම් දීමක් මෙම වසර 10ක් යන කාලය හේතුවෙන් නැවත ලබා ගැනීමට නොහැකි වීම යන්න අවලංගු කිරීමට ප්‍රමාණවත්.

බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් වසර 10 ක් යන තුරුම කිසිදු ලිඛිත මතක් කිරීමක් නොකර සිටි අවස්ථාවන් ඉතාලියේදී දැක ගැනීමට හැකියාවක් නැති තරම්ය.

ඉතින් ලැබෙන්නට තිබෙන ණය මුදල ලබා ගැනීමට නීතිමය උපදෙස් ලබා දෙන්නාවූ සහ කටයුතු කරන්නාවූ විශේෂ සමාගම් හරහා මෙවැනි ණය කරැවන් හඹා යාමට සහ එම මුදල නැවත ලබා ගැනීමට අදාල බැංකුව හෝ මූල්‍යය ආයතනය කටයුතු කරනවා.

ඉහත සඳහන් කරැනු වලට අමතරව:

 1. ණය මුදල් වාරික පැහැර හැරීම හේතුවෙන් ඉතා ඉහළ පොලී අනුපාත එම මුදලට එකතු වනවා.

 2. CRIF වැනි මධ්‍යස්ථාන වලට වාර්තා කරනවා. මෙය ඉතා ගැටලුකාරී තත්ත්වයක් වන අතර ඇතැම් අවස්ථාවලදී නැවත කිසිදු බැංකු ණයක් (finanziamento) ලබා ගැනීමට නොහැකි විය හැකියි.

මේ වන විටත් මාගේ සේවය සපයන රෝමයේ සහ වෙරෝනා නගරයන්හි පිහිටි “Studio Consulente” පරිපාලන නීති උපදෙස් ආයතනයේ මැදිහත් වීම හරහා ණය අයකර ගැනීමේ සමාගම් සමඟ තමන්ට සරිලන ක්‍රම හරහා ණය නැවත ගෙවීමේ ගිවිසුමක් සොයා ගැනීමට ලාංකිකයන් බොහෝ දෙනෙකුට හැකියාව ලැබී තිබෙනවා. 

ඉතින් මේ සඳහා ඔබත් විශ්වාසවන්ත නීති උපදෙස් ආයතනයක් හරහා මෙවැනි ගැටලු විසදා ගැනීම යෝග්‍ය වනවා.

www.studioconsulente.it

සඳුදා සිට සිකුරාදා දක්වා ඉතාලි වෙලාවෙන් 09.30 සිට 12.30 දක්වා  (නිවාඩු දින හැර) + 39 3476660465 අමතන්න.

 

Lo Studio fornisce esclusivamente consulenza legale stragiudiziale e assistenza amministrativa in conformità alla Legge n. 4/2013, escludendo qualsiasi attività di patrocinio dinanzi alle autorità giudiziarie in quanto prestazione riservata per legge agli iscritti agli appositi albi professionali. Il Titolare dello Studio e Responsabile della Protezione dei Dati, conformemente al Regolamento UE 2016/679 e alle leggi nazionali sulla privacy, è Sameera Isanka Ponnamperuma, P.IVA 04806760239, iscritto al Ruolo periti ed esperti della C.C.I.A.A. di Verona al n. 611. Lo studio opera presso la sede di Verona in Vicolo Volto S. Luca n. 18 (37122). È possibile richiedere assistenza contattando il numero di cellulare +393476660465, scrivendo all'indirizzo e-mail info@studioconsulente.it o tramite Pec a studioconsulente@pec.it. © Copyright. Tutti i diritti riservati.

Information icon

Abbiamo bisogno del vostro consenso per caricare le traduzioni

Per tradurre i contenuti del sito web utilizziamo un servizio di terze parti che potrebbe raccogliere dati sulla vostra attività. Si prega di rivedere i dettagli nell'informativa sulla privacy e accettare il servizio per vedere le traduzioni.